ග්‍රාම නිලධාරීන්ගේ ගැටලුව විසඳෙයි
ආණ්ඩුව තමන් නොසළකා හැරීම නිසා කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ වූ පවුල් වෙත රුපියල් 5000ක සහනාධාර බෙදීමට එක් නොවී සිටින්නට ගත් තීරණය වෙනස් කළ බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නිවේදනය කළා. අද (17) සන්ධ්‍යාවේ බලධාරීන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළඹ තිබෙනවා.
කෙසේවෙතත් ග්‍රාම නිලධාරීන් මෙම තීරණයට එළඹෙන්නට මොහොතකට පෙර වාර්තා වූයේ ගම් මට්ටමෙන් පත්කර සිටින සංවර්ධන නිලධාරීන්ද, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන්ද ඔවුන්ට සහය පළ කරමින් මෙම සහනාධාර බෙදීම ඇතුළු කටයුතුවලට හවුල් නොවන බවයි. සමෘද්ධි නිලධාරීන් පමණක් තමන් ඊට අදාල කාර්යයන්හී නියැලෙන බව පැවසුවා.
ආධාර මුදල් බෙදීමෙන් ඉවත් වූ අවස්ථාවේ ග්‍රාම නිලධාරීන් පැවසුවේ ආණ්ඩුව තමන් නොසළකා හළ බවත් සමෘද්ධියේ මුදල් බව සඳහන් කරමින් බෙදන්නේ රජයේ ආපදා අරමුදලක මුදල් බවත් ය.
ඊට අදාල පෙර පුවත මෙතනින්, 5000 බෙදන වැඩෙන් අපිව ඈත් කළේ ආණ්ඩුව