ගසට නැග්ග කතට සහයට ජනයා පාර වසයි
රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙටිටිආරචිචි
බළන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාල භූමියේ පිහිටි ගසක නැග පැය දහයක පමණ කාලයක් උපවාසයක නිරත ව සිටින කාන්තාවකට සහය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් බළන්ගොඩ නගරයේ බාන්ස් රත්වත්ත මාවතේ මාර්ගය අද (27) සවස සිට අවහිර කරමින් විරෝධතාවයේ නිරත ව සිටිති.
නගරයේ බාන්ස් රත්වත්ත මාවත මාර්ගය බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් මෙලෙස අවහිර කර ඇත.
Updates –
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ පොරොන්දුව මත දෙදරු මව පැය 10 ට පසු උපවාසය අවසන් කරයි.
සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි
තම නිවස බේරා ගැනිම සඳහා අඩි 100 ක් පමණ උස ගසක නැග පැය 10 ක පමණ කාලයක් උපවාසයක නිරත වු දෙදරු මවගේ නිවස සමිබන්ධයෙන් ඇති ව තිබෙන ගැටලුවට විසඳුමක් ලබා දෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද (27) දා සවස ඇය වෙත දුරකතනයෙන් කතා කොට පොරොන්දු වීමත් සමග එම කාන්තාව උපවාසය අවසන් කිරිමට කටයුතු කළාය.