ගම්පහ දියඇල් ඔයට විෂ මුසු වෙලාද? මසුන් සිය ගණන් ජීවිතක්ෂයට

 ගම්පහ දියඇල් ඔයට විෂ මුසු වෙලාද? මසුන් සිය ගණන් ජීවිතක්ෂයට

දියඇල් ඔය නමින් හඳුන්වන ගම්පහ අත්තනගලු ඔයෙහි ශාඛාවෙහි ජීවත්වන මිරිදිය මසුන් සිය ගණනින් දින කිහිපයක සිට මිය යමින් සිටින බව වාර්තා වේ.
ඉදැල්ලවිට ව්‍යාපාරය යටතේ අස්වද්දනු ලබන කුඹුරු යායට දියවර සපයනු ලබන්නේද දියඇල් ඔයෙන් වන අතර ඒ යටතේ වගා කටයුතුවල නිරත ගොවීන්ගේ අදහස කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් දින කිහිපයකට ඉහත දිය ඇල් ඔයට රසායන ද්‍රව්‍යයක් මුසු කොට ඇති බවයි.
එම රසායනිකය විෂවීම නිසා මසුන් මරණයට පත්වන්නට ඇති අතර මේ වනවිට ජලය මතුපිට තෙල් තට්ටුවක් පාවෙන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. මසුන් මිය යාම නිසා ප්‍රදේශයේ දුර්ගන්ධයක් හමා යමින් තිබෙන අතර ජලයට එක්ව ඇත්තේ උග්‍ර විෂ ද්‍රව්‍යයක් නම් ඒවා ගොවිබිම්වලටද එක් වීමේ අවධානමක් ඇති බව ගොවීහු පවසති. මෙම ඔයෙහි අමුණ විවෘත කළහොත් එම ජලය ජාඇල දක්වා ව්‍යාප්ත විය හැකි අතර හඳුනා නොගත් රසායනිකයක් ජලයෙහි ඇත්නම් එමගින් ගැටලු මතුවනු ඇත.

දිය මතුපිට ඇති තෙල් ස්ථර සහ මියගිය මසුන්

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *