ගඟේ ගිලෙන තරුණිය වීඩියෝ කළාට දඩ

 ගඟේ ගිලෙන තරුණිය වීඩියෝ කළාට දඩ

කටුගස්තොට පාළමෙන් ගඟට පනින ලද තරුණියක් දියේ ගිලෙමින් සිටියදී පාළම මත මාර්ගය අවහිර වනසේ වාහන නවත්වා තරුණිය දියේ ගිලෙන දර්ශන ජංගම දුරකතන මගින් වීඩියෝ ගතකළ බව කියන රියදුරන් 15 දෙනෙකුට තරයේ අවවාද කරමින් රුපියල් 2000.00 බැගින් දඩ පත්‍රිකා නිකුත් කිරීමට කටුගස්තොට පොලීසිය පියවර ගෙන ඇත.

පසුගිය 11 දින පෙරවරුවේ අදාළ තරුණිය ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් නිසා ගඟට පැන තිබේ. එම අවස්ථාවේ 300 ක පමණ පිරිසක් පාළම මතට රැස්ව තරුණිය දියේ ගිලෙන ආකාරය ජංගම දුරකතන මගින් වීඩියෝ ගතකරමින් සිට ඇත.

පාළම මතින් ගමන් ගනිමින් තිබූ වාහන වල රියදුරන්ද වාහන පාළම මතම නවත්වා සිද්ධිය විඩියෝගත කිරීමට උත්සහ කිරීම නිසා මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවූ බව පොලීසිය පවසයි.

මාර්ගය අවහිර වන සේ රථවාහන නවතා තැබීම යටතේ අදාළ රියදුරන්ට දඩ පත්‍රිකා නිකුක්කර තිබේ.

පුරවැසි වගකීම් අමතකකර සෙසු ජනතාවටද අපහසුතාවට පත්වනසේ යළිත් කටයුතු නොකරන ලෙස අදාළ පිරිසට අවවාවද කිරීමට කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.එස් උවින්දසිරි මහතා පියවරගෙන ඇත.

කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු රථවාහන නිලධාරීන් මාර්ගය අවහිර කරමින් වාහන නවතා ගෙන සිටි රියදුරන්ට දඩ පත්‍රිකා නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *