කෝටි 20ක මැන්ඩි මත්කුඩු අල්ලයි

රුපියල් මිලියන දෙසියයකට අධික වෙළඳපළ වටිනාකමක් ඇති මැන්ඩි නමින් හඳුන්වන නීති විරෝධි අන්තරාදායක මත්ද්‍රව්‍ය කිලෝ 12 ප්‍රමාණයක් අම්බලන්ගොඩ දී ඊයේ (15 දා) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න පැවසීය.

කිසියම් තැනැත්තෙකුගෙන් ලද තොරතුරක් මත ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත මහතා ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන ලද විමර්ශන නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ දැනුවත් බව මත සිදුවිය. අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අම්බලන්ගොඩ පටබැඳිමුල්ල වෙරළ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් විය.

මත්ද්‍රව්‍ය තොගය සමග අම්බලන්ගොඩ කළුවාවඩුමුල්ල විජේරාම මාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 විවාහක පුද්ගලයෙක්ද  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *