කෝට්ටේ නගරාධිපතිගේ නිරෝධායන කුටි නාටකය හා නාවික හමුදාව

පසුගිය මාර්තු 29 වන දා කෝට්ටේ නගරාධිති මධුර විතානගේ ඔහුගේ පුද්ගලික ෆේස් බුක් පිටුවේ නාවික හමුදාව හෙලා දකිමින් පෝස්ටුවක් පළකර තිබුනි. “නාවික හමුදාව කෝට්ටේ නගරසභාව හදපු නිරෝදායන කුටිය ඇවිල්ලා කොපි කරලා තමන් හොයාගත්තා වගේ ලොරි ටෝක් මාධ්‍යවල” යනුවෙන් ඔහු එය පළකර තිබුනි. අප විසින් සොයා බැලූ පරිදි කතාව සැකෙවින් මෙසේය.

රට තුල පැතිරෙන කොවිඩ්19 මාරාන්තික වයිරසය මැඩ පැවැත්වීමට රජය, සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක හමුදා සහ බොහෝ රටට හිතැති මනුෂ්‍යවාදී සිවිල් වැසියන් (නිරෝධායනයට සහභාගී නොවී කැලේ පැනපු පිරිසයි, ඇඳිරිනීතිය අස්සේ පාරවල් ගානේ ලගින පිරිසයි ඇරෙන්න) එකා මෙන් පෙළ ගැසෙන සැටි අප දුටුවෙමු. හෙද වෙද මඩුල්ල දිවා රෑ නොබලා තමාගේ ජීවිත පවා උකස් කරමින් ජීවිත ගලවා ගැනීමේ සටනට උර දෙද්දී ආරක්ෂක අංශද හරි හරියට ඒ සියලු දේ සඳහා ඔවුන්ගේ ශක්තිය ලබා දුන්නා. මේ අතරතුර නාවික හමුදාව නිර්මාණය කරපු නිරෝධායන කුටිය ගැන බොහෝ දෙනා ප්රශංසාත්මකව කතා කළේ මේ මොහොතේ ඔවුන් කරන කැප කිරීම සැබැවින්ම අගය කළ යුතු නිසාය. නාවික හමුදාවේ නැගෙනහිර ප්‍රදේශයේ නව නිපැයුම් අංශය විසින් දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මේ නිරෝධායන කුටි නිර්මාණය කරන්නේ නාවික කඳවුරුවල භාවිතයට මෙන්ම රෝහල් සඳහාද ලබා දීමටය. සැබැවින්ම තාක්ෂණයෙන් අනූන නැව් සමඟ හැප්පෙන මොවුන්ට මෙවැනි නිර්මාණ ඉතා සුලු දෙයකි.
කෙසේ නමුත් මේ අතරවාරයේ කෝඩ්ජෙන් වැනි දේශීය ආයතන ද මේ නිරෝධායන කුටි නිර්මාණයට උනන්දුවූයේ ලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. මේ හා සමගාමීව කෝට්ටේ නගර සභාව විසින්ද නිරෝධායන කුටියක් නිර්මාණය කර තිබුනි. එවැනි ක්‍රියා සැබැවින්ම අගය කළ යුතුය. එය මේ මොහොතේ රටට අවශ්‍යම දෙයකි. නාවික හමුදාවද නගරසභාවේ නිර්මාණය පිලිබඳ සොයා බලන්නේ එහි යම්කිසි හොඳ අංගයන් ඇත්නම් ඒවා එකතුකර වඩාත් හොඳ නිර්මාණයක් රටට ලබා දීමටය. කෙසේ නමුත් නගරසභාව නිර්මාණය කල නිරෝධායන කුටිය ඔවුන් අතහැර දමන්නේ එහි තිබූ අනාරක්ෂිත සැළසුම මතය. කුටිය තුලට යන විදුලි රැහැන් වල පුංචිම හෝ කාන්දුවක් තිබුනෝත් ඒ තුලට විදින අධි සාන්ද්‍ර ඇල්කොහොල් ස්ප්‍රීතු ඕනෑම විටෙක ගිනිගෙන ඇතුලේ සිටින කෙනාට අනතුරක් විය හැකිව තිබුනි. ඒ නිසා වඩා හොඳ ආරක්ෂිත ක්‍රියාමාර්ග පිලිබඳ අධ්‍යනය කොට නාවික හමුදාව සිය නිර්මාණය නිම කරන ලද අතර රෝහල් හා පෞද්ගලික ආයතන ගණනාවකින් ද ඒ සඳහා හොඳ ඉල්ලුමක් ලැබුණේ නිර්මාණයේ සාර්ථක බව කියා පාමිනි. ඒ සියලු දෙනා වෙත කුටි ලබාදීමටත් සමහර ආයතන වෙත තාක්ෂණයද ලබා දීමටත් නාවික හමුදාව කටයුතු කරන්නේ රුපියලකවත් ලාභයක් බලාපොරොත්තුව නොවන බව පැහැදිලිය. නගරාධිපතිගේ බළලා මල්ලෙන් එලියට අත දාන්නේ මේ අවස්ථාවේදීය.
අපට තහවුරු කරගත් පරිදි ඔහු විසින් ලෝකෙට අණ බෙර ගසා නිර්මාණය කල අනාරක්ෂිත ගිනි උඳුනක් බඳු වූ නිරෝධායන කුටිය කොවිඩ් බියෙන් සලිත වූ ආයතන වෙත ව්‍යාපාරික මට්ටමෙන් ලබා දී කොමිස් මුදල් හෝ යම් ලාභයක් ලැබීමේ සැළැස්මක් තිබී ඇත. නාවික හමුදාව නොමිලයේ නිරෝධායන කුටි රටේ ජනතාව වෙනුවෙන් ලබාදීමත් ඒ සඳහා ඉහළ ඉල්ලුමක් ලැබීමත් තුල නගරාධිපතිවරයා වියරුවට පත්වී ජනතා සේවය නම් වූ බැටළු හමට යටින් සිටි සැබෑ බඩගෝස්තරවාදී මෙන්ම අවස්ථාවාදී වෘකයා මතුවී ප්‍රසිද්ධියේම නාවික හමුදාව සමාජ මාධ්‍ය තුළ පතුරු ගැසීය.
නගරාධිපතිතුමනි. නාවික හමුදාව ඔබේ නිරෝධායන කුටිය කොපි නොකළ බව පැහැදිලිය. නමුත් සැබැවින්ම නාවික හමුදාව එය කොපි කර තිබුණත් ඔවුන් එය සිදුකලේ ළකුණු දමාගෙන පාර්ලිමේන්තු ඒමට නොව රටේ ජනතාවගේ ජීවිත ගලවා ගැනීමට බව සිතා ඔබට සතුටු වන්නට තිබුණේය. ඔබ වැනි ජනතා නියෝජිතයෙක් ඉන් රටවැසියන් දහස් ගණනාවකට ජීවිත දානය ලැබෙන සැටි සිතා සැබෑ මනුෂ්‍යත්වයෙන් සතුටු වන්නට තිබුණි. නමුත් අවාසනාවකට මෙන් එය එසේ නොවීය. අහිංසක මිනිසුන්ගේ මළමිනී මතින් හෝ ඡන්දය සොයන ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය පවා උකසට තබමින් මඩියේ පුරවාගැනීමට මුදල් සොයන අවස්ථාවාදී බළලා ඔබේ මල්ලෙන් එළියට පැන්නේ රටට ඔබේ සැබෑ ප්‍රතිරූපය පෙන්වමිනි.
දිලන් ගුණතිලක විසිනි.
පිළිතුරු දීමේ අයිතිය හිමිය.
1 Comment
ඝණකාභයානුකාර කුටියක් නිර්මාණය කිරීම කාටත් සිදුකල හැක. එහෙත් එය විශබීජ හරණය සඳහා භාවිතා කරනවිට එය සිදුකලයුතු උපක්රමයන්, මූල ධර්මයන්, සඵලතායිත්වය හා ආරක්ශාකාරී බව පිළිබඳ සැලකිලිමත් විය යුතුය. “විශබීජහරණ කුටි” යන ලේබලයෙන් ඔබ්බට ගොස් ඉහත දැක්වූ සාධකයන්ද සමග සසඳා බැලුවහොත් කෝට්ටේ කුටිය හා නාවික හමුදාවේ කුටිය අතර ඇත්තේ “ලෝහ කුටියේ ඝණකාභයානුකාර සමානතාවය” පමණි.