කොවිඩි 19, HIV ඔසුවලින් පලක් නැහැ.

 කොවිඩි 19, HIV ඔසුවලින් පලක් නැහැ.

කොවිඩ් 19 වෛරසයට ගොදුරු වූ රෝගීන් සඳහා පිළියම් ලෙස HIV ආසාධිතයන් සඳහා භාවිතා කරන ප්‍රතිවෛරස් ඔසු දෙකක් උපයෝගී කරගනිමින් ලබාදුන් ඔසුව ඵලදායක නොවන බව රොයිටර් වාර්තා කරනවා. මීට පෙර මේ ඔසු සංයෝගය ඵලදායක විය හැකි බවට මත ඉදිරිපත්ව තිබුණත් නිව් ඉංග්ලන්ඩ් මෙඩිසින් ජර්නලය බදාදා ඉදිරිපත් කළ අධ්‍යයන වාර්තාවක් ඇසුරෙනුයි රොයිටර් මේ පුවත ඉදිරිපත් කර තිබුණේ. lopinavir සහ ritonavir යන ඔසු දෙකෙහි සංයෝගයකින් නිපද වූ ඔසුවක් ලබාදුන් චීන රෝගීන්ට සම්මත වෙනත් ප්‍රතිකාර ලබාදුන් රෝගීන්ට වැඩි සුගතියක් අත් නොවූ බවයි මේ අධ්‍යයන වාර්තාවෙන් හෙළි වුණේ.

මේ ඔසු සංයෝගය ලබාදුන් පිරිස දින 28ක් තුල සායනික මට්ටමේ සහ මරණ සිදුනොවීමේ අනුපාතයේ මද ප්‍රගතියක් පෙන්නුම් කළ නමුත් ඒවා ලබාදුන් සහ නොදුන් පිරිස අතර සංඛ්‍යාන දත්ත අතර මහා පරිමාණ වෙනස්කම් දක්නට නොලැබුණි. සාමාන්‍ය ප්‍රතිකාර ලද පුද්ගලයින් දින 16කදී ලද සායනික ප්‍රගතිය ඔසු සංයෝගය ලද පිරිස දින 15කදී ලබාගත් බව මධ්‍යක්ෂ අගයන්ගෙන් පෙන්නුම් කළද එම ප්‍රථිපල අතර වෙනස පිළිබඳ පර්යේෂකයෝ සඳහන් කළේ, එය ප්‍රමාණවත් යැයි හුවා දක්වන්නට නුපුලුවන් බවයි.

නිව් ඉන්ග්ලන්ඩ් මෙඩිසින් ජර්නලය මෙම ප්‍රථිපලය ඔන්ලයින් ප්‍රකාශනයක් ලෙස පළ කර ඇත.

lopinavir සහ ritonavir ඖෂධවල අතුරු ආබාධ ඉහළ වන අතර ඒවා ලබාදුන් රෝගීන්ගෙන් සියයට 13.8කට ලබාදීම අතරමගදී නවතා දැමුනා. කිසියම් ප්‍රතිකාරයක ඵලදායීතාව නිර්ණය කෙරෙන ස්වර්ණමය ප්‍රමිතිය වන ප්ලෙසෙබෝ තත්ත්ව පරීක්ෂාවටද මෙම ඔසු සංයෝගය භාජනය කර නැහැ. වසංගතය ආරම්භ වූ වූහාන් නගරයෙන් වාර්තා වූ සියලු රෝගීන් අතරින් නියුමෝනියාවට ගොදුරු වූ පිරිස ජින් යින් ටෑන් රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.

මෙම ප්‍රතිකාරය කොවිඩ් 19 ආසාදනය වී බරපතල තත්ත්වයට පත් වූ රෝගීන්ගේ සායනික දියුණුව හෝ මරණ සිදුනොවීම සම්බන්ධව සාමාන්‍ය ප්‍රතිකර්ම ලැබූවන්ගේ තත්ත්වයට වඩා  දැඩි බලපෑමක් එල්ල කර නැති බව පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානි වෛද්‍ය බින් කාඕ පවසනවා. ඔහු  චීනයේ, ශ්වසන ව්‍යාධි සම්බන්ධ ජාතික සායනික පර්යේෂණ මධ්‍යස්ථානය නියෝජනය කරනවා.

නිව් ඉන්ග්ලන්ඩ් මෙඩිසින් ජර්නලයේ කතුවරුන් දෙපළ වන ආචාර්ය ලින්ඩ්සේ බේඩ්න් සහ ආචාර්ය එරික්. ජේ. රූබීන් සිය කතුවැකියෙන් පැවසුවේ මෙම ඔසු ලබාදෙමින් දරන ලද්දේ වීරෝදාර ප්‍රයත්නයක් වන නමුත් අවාසනාවකට අත්හදා බැලීමේ ප්‍රථිඵල ධෛර්යය හීන කරන බවයි.    

සබන් අප බේරා ගනු ඇක. අත් සෝදමු.
සටන් කරමු.

ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *