කොවිඩ් 19; විදුලිබලෙත් ආරක්ෂක පියවර ගනී.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ගෘහස්ත සහ මහජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවල විදුලි බිඳවැටීම් නඩත්තු කටයුතු සදහා යන විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට විශේෂ ආරක්ෂිත කබායක් නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත.
දිවයිනේ සැම විදුලි ඩිපෝවක සිටම ගෘහස්ත සහ මහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලට විදුලි බලය යථා තත්ත්වයට පත් කිරිමට යන සේවකයින් අනිවාර්යෙන්ම මෙම ආරක්ෂිත කබාය පැළඳ විදුලි ඩිපෝවෙන් පිටත්විය යුතුය.
විදුලි නඩත්තු කටයුත්ත අවසන් කර යළි විදුලි ඩිපෝව වෙත පැමිණෙන සේවකයින් සහ වාහන සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කරන අතර දිනපතා විදුලි ඩිපෝවද විෂබිජහරණය සිදු කිරිමටයි විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇත්තේ.