කොවිඩ් -19 රෝගීන්ට තේ සහ විටමින් සී

 කොවිඩ් -19  රෝගීන්ට තේ සහ විටමින් සී

මේ වනවිට කොවිඩ් -19 වෛරසය ගෝලීව වසංගත තත්ත්වයක් ඇතිකරමින් සමස්ත මානව සංහතියට හිසරදයක්ව තිබියදී ලෝකයේ සෑම රටකම අරමුණ ඊට එරෙහි සටන දිනා ගැනීම. එමනිසා සෑම රටක්ම පාහේ සිය පාරම්පරික ඥාන සම්භාරය සහ නූතන විද්‍යාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික අත්දැකීම්ද මුසු කරගනිමින් කොරෝනා මර්ධනය සඳහා කළ හැකි සියලු දේ සිදුකරනවා. කොරෝනා වෛරසයට එරෙහි ඔසුවක් සොයාගැනීම සහ වැළඳෙන්නට පෙර ලබා දිය හැකි, මානව සිරුරේ ප්‍රතිශක්තිය උත්පාද කෙරෙන වැක්සීනයක් නිපදවීම ප්‍රමුඛ කාර්යයක්ව තිබියදී රෝගීන් තුළ ප්‍රතිශක්තිය වර්ධනය කරමින් වෛරසයට එරෙහිව සටන් කළ හැකි ශරීර පරිසරයක් නිර්මාණය කිරීමටද ඇතැම් අත්හදාබැලීම් සිදු කෙරෙමින් පවතිනවා. මේවා අත්හදා බැලීම් හා වෛද්‍යමය අත්දැකීම් මත භාවිතා කෙරෙන පිළියම් බව දැනසිටීම ඉතා වැදගත් වන්නේ හිතු මනාපයේ මැලේරියා ඔසුවක් එන්නත් කරගත් ඇමරිකානු පුරවැසියෙකු මියගිය පසුබිමේ. ඔහුගේ මරණයට එරට ජනාධිපතිවරයාත් වක්‍රව වගකිව යුතු වන්නේ, මේ ඔසුව පිළිබඳ ඔහුද ප්‍රසිද්ධියේ කතා කළ නිසා. ලංකාවේ එක්තරා දේශපාලනඥයෙකුද නොදන්නා ඔසු ගැන මේ අන්දමටම කයිවාරු ගසන අන්දම අප දුටුවා. ඇත්තෙන්ම එවැනි අදහස් දැක්වීම් විශ්වාස කිරීම අනතුරු සහිතයි. ඒ නිසයි මේ වැනි අවස්ථාවක ගලා එන තොරතුරු කෙරෙහි විශ්වාසය තැබීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු වන්නේ.

තේ කෝප්පයෙන් පිහිටක් ලැබෙයිද,

මේ වෙලාවේ කොරෝනා මඩින නිශ්චිත ඔසුවක් සොයාගෙන නැති බව කවුරුත් දන්නවා. දැනට සිදු කෙරෙන්නේ රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සහ වෙනත් රෝගවලට නිර්දේශිත ඇතැම් ඔසු ලබාදීම. හැබැයි අපි අපේ ප්‍රතිශක්තිය දියුණු කරගත්තොත් මරණය පරාජය කරන්න පුලුවන්. අනාදිමත් කාලයක් තිස්සෙ කොත්තමල්ලි, ඉඟුරු, වෙනිවැල් ගැට භාවිතා කරමින් අපි ප්‍රතිශක්තිය වර්ධනය කරගත්තා. කහ, තුනපහ අපේ ආහාරවේල තුළ කළ එක් කාර්යයක් ශරීර ප්‍රතිශක්තිය දියුණු කිරීම. ඒ නිසා මේ දුෂ්කර වෙලාවෙත් එළවලු, පළතුරු අනුභව කරන අතර මේ පාරම්පරික ඥානය විශ්වාස කිරීම විද්‍යාත්මක කරුණක් මිස මිත්‍යාවක් වන්නේ නැහැ. අනික ඒ දේවලින් අපිට කිසියම් හානියක් වෙන්නෙත් නැහැ.

තේ පැන් දින දින වැඩි වැඩියේ බීමෙන් සිරුරට සැප වැඩි වේ.


කොරෝනා නිසාම මියගිය එය මුලින්ම ලොවට හෙළිකළ චීන වෛද්‍යවරයාගේ මරණය සම්බන්ධ පරීක්ෂණවලදී ඔහු ලියූ පර්යේෂණ සටහන් කිහිපයක් ඉදිරිපත් වූ බව ඇමරිකානු සී.එන්.එන් නාලිකාව වාර්තා කර තිබුණා. එහිලා මේ වෛද්‍යවරයා ලියා තිබුණේ කිසියම් රසායනික ත්‍රිත්වයක් නිතිපතා පානය කිරීමෙන් කොරෝනා වෛරසයට එරෙහි ශරීර හැකියාව ඉහළ යන බවයි. මේ රසායනික තුනම සාමාන්‍ය තේවල තිබෙනවා. ඉතිං දිනකට තේ කෝප්ප තුන හතරක් පානය කිරීමෙන් ඒවා සිරුරට ලබාගන්න පුලුවන්. තේ උපත සිදුවූ චීනයේ මිනිස්සු නිතර තේ බොනවා. වසර සිය ගණනක තේ ඉතිහාසයක් ඇති ලෝකයට හොඳම තේ දෙන අපේ රටේ මිනිස්සුත් නිතර තේ බොනවා. ඇරත් තේ බීල මියගිය කිසිවෙකු ගැන හෝ අප අසා නැහැ. එහෙමනම් ඉඟුරු කොත්තමල්ලි අතරට වෙනදා වගේම තේ ටිකකුත් බිව්වට කමක් නැහැ. හැබැයි සීනි භාවිතය අඩු කරලා. (යාවත්කාලීන කිරීම – කොරෝනා රෝගීන් සඳහා තේ පානය සුදුසු බවට වන සී.එන්.එන් පුවත කරුණු පිරික්සීම අනුව සාවද්‍ය බව හෙළි වී ඇත. එහෙත් තේ පානයේ හානියක් වාර්තා වී නැති හෙයින් මෙසේ පල කරමි.)

ඇමරිකාවේ කොරෝනා රෝගීන්ට විටමින් සී අධිමාත්‍රාවක්.

නිව්යොර්ක්හී රෝහල්වල කොවිඩ් – 19 ආසාධිත රෝගීන්ට විටමින් සී අධිමාත්‍රාවක් ලබා දෙන බව ඩේලිමේල් වාර්තා කර තිබුණා. විටමින් සී රෝගවලට ඍජුවම ඔසුවක් නොවුණත් බොහෝමයක් රෝග නිවාරණයට විවිධ විටමීන ලබාදෙන දායකත්වය ඉහළයි. විටමින් අපේ ප්‍රතිශක්තිය වගේම ශරීර හැකියාවන් ඉහළ නංවාලන බව නොරහසක්. සමහර විටමින නොලැබුණාම විවිධ ඌණතා රෝගවලට අපි ගොදුරු වෙනවා. මාධ්‍යවේදී මැතිව් රයිට් ඩේලිමේල් වෙත වාර්තා කරන අන්දමට නිව්යොර්ක් වෛද්‍යවරුන් බරපතල තත්ත්වයේ පසුවන කොරෝනා රෝගීන්ට විටමින් සී අධිමාත්‍රාවක් දෙනවා. ඔහුට අනුව නෝර්ත්වෙල් හෙල්ත් හී විශේෂඥයෙකු වන වෛද්‍ය ඇන්ඩෲ වෙබර් රෝගීන්ට විටමින් සී අධිමාත්‍රාවක් ලෙස මිලි ග්‍රෑම් 1500ක් ලබා දෙනවා. නිරෝගී ඔබ මෙතරම් ප්‍රමාණයක් ලබා ගත යුතු නැහැ. නෙල්ලි, පේර, අඹරැල්ල වගේ දේවල් කෑමට එකතු කරගන්න. වෛද්‍ය ඇන්ඩෲ පවසන්නේ මේ රෝගීන්ට දිනකට තුන්හතර වේලක් බලගතු ඔක්සිහාරක ලබාදෙන බවයි. ඒකටනම් ඉතිං අපිට කරන්න තියෙන්නෙ කහටජාති කන එක තමයි. තේවලත් ඔක්සිහාරක නම් තියෙන්නෙ. සාමාන්‍ය මිනිසෙකුට දිනකට අවශ්‍ය බවට සම්මත විටමින් සී ප්‍රමාණය පිරිමියෙකුට මිලිග්‍රෑම් 90ක් සහ කාන්තාවකට මිලිග්‍රෑම් 75ක්. දැන් පේනවා නේද දෙන මාත්‍රාවෙ තරම.

විටමින් සී. පෙතිවලට ඉස්සර සූදානම

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *