කොවිඩ් 19, මොරටුව පීරිස් මාවත දැන් සන්සුන්

කොවිඩ් 19 රෝගියෙකු ඔහු පදිංචි නිවසින් පිටතට පැමිණියේ යැයි සැක කිරීම නිසා මොරටුව පීරිස් මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර ඊයේ (30 දා) ඇති වූ නොසන්සුන් තත්ත්වය සමනය වී තිබේ. අදාල අංශ මැදිහත්ව සැක සහිත සිදුවීම පිළිබඳ වැඩිදුර සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ පීරිස් මාවතේ පදිංචි විදේශ රටක සිට පැමිණි පුද්ගලයෙකු මීගමුව ජෙට්වින් හෝටලයේ නීරෝධායනය කටයුතු සිදු කර පැමිණ සිටි අතර ඔහුගේ නිවසේ බිත්තියේ නීරෝධායන නිවසක් යනුවෙන් අලවා තිබූ දැන්වීම හේතුකොට ගෙන ප්‍රදේශයේ ජනතාව නොසන්සුන් වූ බවයි.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පී. වයි. සඳරුවන් මහතා සිදුවීම පිළිබඳ මෙසේ පැවසීය. “මේ අයගේ නොදැනුවත්කම නිසා අද ප්‍රශ්නයක් ඇතිවුණා. මීගමුව ජෙට්වින් හෝටලයේ නිරෝධායනය වී පී.සී.ආර් පරීක්ෂණ දෙකකට භාජනය වූ පුද්ගලයෙක් මෙහි පැමිණ සිටිනවා. ඔහුට කොරෝනා රෝගය වැළඳී නැති බවට පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වී සහතිකයක්ද ලබා තිබෙනවා.ඔහු තවදුරටත් සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර අනෙකුත් අය නිවසින් එළියට පැමිණීම හේතු කොට ගෙන 30 දා සවස මෙම ප්‍රදේශයේ ජනයා බියට පත්වී ඇති බවයි දැනගන්න ලැබුණේ.”