කොවිඩ් 19 – කොටු වූ සිසුන් ගෙන ඒමට ඔස්ට්‍රේලියාවට සහ බ්‍රිතාන්‍යයට ගුවන් යානා.

උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් පැතිරයන කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා දිවයිනට පැමිණීමට නොහැකිව සිටින ලාංකික සිසුන් නැවත කැඳවාගැනීම සඳහා එම රටවල ගමනාන්ත වෙත ගුවන් ගමන් කිහිපයක් සංවිධානය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය හා අදාල රටවල ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයේ දායකත්වය ඇතිව මෙම වැඩපිළිවෙල සංවිධානය කරයි.
ඒ අනුව, මැයි මස 03,04,05 යන දින තුනෙහි උදෑසන 09.30 ට ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත ළඟාවීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකික සිසුන් රැගත් යානයක් මැයි මස 08 වෙනිදා උදෑසන 08.15ට එරට මෙල්බර්න් නුවර ගුවන්තොටුපළෙන් පිටත්වන බව ශ්‍රී ලංකන් මාධ්‍ය අංශය පවසයි.
මෙම ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය වේ නම් එම රටවල්වල පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරික් කාර්යාලවලින් විමසන මෙන් දැනුවත් කෙරේ.