කොවිඩ් 19 – අස්ගිරි සමාජ මෙහෙවර.

මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත කර තිබෙන කොවීඩ්-19 විශේෂ ප්‍රතිකාර වාට්ටු දෙක සඳහා රුපියල් ලක්ෂ විස්සක වටිනාකමකින් යුතු ඇඳන් 15 ක් සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ (30) අස්ගිරි මහ විහාරයේදී සිදු කෙරුණි.
අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රජමහ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නා හිමියන් විසින් මෙම පරිත්‍යාගය සිදුකළ අතර එම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපජ්‍ය වරකාගොඩ ඤාණරතන, අනුනායක ආණමඩුවේ ධම්මදස්සි, නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද යන හිමිවරු ද
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
කොවීඩ් – 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර ජාතික රෝහලේ විශේෂ වාට්ටු දෙකක් ස්ථාපිත කර තිබෙන බවත් මේ වන විට එක් රෝගියෙකු අදාළ වෛරසය ශරීර ගත වී ඇති බවට තහවුරුව තිබෙන බවත් කී මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා දෛනිකව රෝහලට කොවීඩ් – 19 ආසාධිත යැයි සැක කෙරෙන පුද්ගලයින් සිව්දෙනෙකු පමණ ඇතුළත් වන බවද ප්‍රකාශ කළේය.
මේ වන විට මහනුවර ජාතික රෝහලට කොවිඩ් – 19 බවට සැක කෙරෙන රෝගීන් 179 දෙනෙකු ඇතුළත්ව තිබෙන බවත් ඔවුන්ට ප්‍රතිකාර ලබාදී අදාළ වෛරසය ශරීරගත වී නොමැති බවට තහවුරු වූ පසු ආපසු නිවෙස් වලට යවන බවත් ඒ මහතා කීය.