කොවිඩ් සටනට ඔස්ට්‍රේලියාවෙන් උදව්

 කොවිඩ් සටනට ඔස්ට්‍රේලියාවෙන් උදව්

ඔස්ට්‍රේලියා රජය විසින් පිරිනමන ලද පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් අද (29) දින කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේදී යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාර දීම සිදු විය. ඒ මෙරට ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි සහ ඔස්ට්‍රේලියා ආරක්ෂක උපදේශක කණ්ඩායමේ කපිතාන් ෂෝන් අන්වින්ගේ සහභාගිත්වයෙනි.

උපකරණ භාරදීමේ අවස්ථාවේදී මහකොමසාරිස් ඩේවිඩ් හෝලි පැවසුවේ, ගෝලීය කොවිඩ් අර්බුදයට දෙරටම මුහුණ ‍දෙන බැවින් අවබෝධාත්මක සහයෝගීතාව වර්ධනය කර ගනිමින් කටයුතු කිරීම අපේක්ෂාව බවයි. කොවිඩ් 19 මර්ධනය කිරීමේ සටනට ඉදිරිපෙළ දායකත්වය ලබා දෙන ලංකාවේ ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ පෞද්ගලික ආරක්ෂාව උදෙසා ඔස්ට්‍රේලියා ආරක්ෂක දෙපාර්කමේන්තුව මගින් සපයන ලද උපකරණ ලබාදෙමින් සහයෝගය දැක්වීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බවද හෙතෙම පැවසීය.

ඔස්ට්‍රේලියානු සමාගමක් වන ඇන්සල් හී ලංකාවේ කර්මාන්ත ශාලාවෙහි නිපදවන ලද උසස් තත්ත්වයේ පූර්ණ ශරීර ආවරණ කට්ටල 10000ක් සහ අත්වැසුම් 200000ක් අද පරිත්‍යාග කෙරුණි. මේ වනවිට ඔස්ට්‍රෙිලියානු ඩොලර් මිලියන එකහමාරකට ආසන්න සහයෝගයක් ලංකාවට ලබා දී ඇති අතර සනීපාරක්ෂක උපකරණ සැපයීමේ සිට  රෝහල්වල රසායනාගාර පහසුකම් සංවර්ධනය කිරීමද ඊට අයත් ය. ඉදිරියේදීත් කොවිඩ් 19 ට එරෙහි ශ්‍රී ලංකාවේ සටනට සහය දෙන බවද ඔස්ට්‍රේලියාව පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *