කොවිඩ් වැළඳී පවුලම මරුට – විශේෂඥ පරීක්ෂණ ආරම්භ වේ

මහනුවර මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ මව,පියා හා පුතා කොවිඩ් ආසාදිතව දින 20 ක කාල පරාසයක් තුළ මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසයි.

මෙම මස 02 දින සිරිපාල රාජපක්ෂ යන අයත් 14 දින ඔහුගේ බිරිඳ වන චන්ද්‍රා රාජපක්ෂ යන අයත් 23 දින  පුත් ධම්මික රාජපක්ෂ යන අයත් මරණයට පත්වූහ.

ඔවුන් සියලු දෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරුකර තිබිණි.

පියාගේ මරණයෙන් පසු ඔහුගේ ළඟම ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් බිරිඳ හා පුතා,ලේලිය හා ඇගේ දරුවන් දෙදෙනා පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත ඔවුන් පෞද්ගලික රෝහලක් මගින් එම වාර්තා ලබාගෙන ඇත.

එහිදී ඔවුන් සියලු දෙනාට කොවිඩ් ආසාදනය වී තිබෙන බව හෙළිව ඇත.ලේලිය හා හා දරු දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළුකර ප්‍රතිකාර ලබාදීමෙන් පසු සුවය ලබා තිබේ.

බිරිඳ 14 දින මරණයට පත්ව තිබෙන අතර පුතා මියගොස් ඇත්තේ 23 දිනය.

මෙම මරණ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් අදාළ වාර්තාව හෙට (30) පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත බාර දෙන බවත් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහතා පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *