කොවිඩ් ව්‍යසනය මැද ඡන්දය එපා. මොනරාගල නීතීඥ සංගමයේ ලේකම් මාරාන්තික උපවාසයක.

කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වයෙන් ජනයා මුදාගෙන ජන ජීවිත යථා තත්ත්වයට පත්වීමට පෙර මැතිවරණය පැවැත්වීමට විරෝධය පා මොනරාගල ප්‍රදේශයේ නීතීඥවරයෙකු මාරාන්තික උපවාසයක නිරතව සිටී. මොනරාගල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට උපවාසයේ නිරත වන නීතීඥ ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මහතා සිය දෙඅතට විලංගු දමාගෙන සිටීම විශේෂත්වයකි.
අද (21) පෙරවරුවේ සිය මාරාන්තික උපවාසය ආරම්භ කළ ඔහු ඉල්ලීම් කිහිපයක් ප්‍රදර්ශනය කර තිබේ. ඒ අතර, වසංගතය හමාර වනතුරු සෑම පවුලකටම මසකට රුපියල් දසදහස බැගින් ලබාදීම, වසංගතය නිවාරණය කළ බවට වෛද්‍ය නිර්දේශ ලැබෙනතුරු පාසල් සහ විශ්ව විද්‍යාල විවෘත නොකිරීම වැනි ඉල්ලීම් ඇතුළත්ව ගොවීන්ට යල කන්නය සඳහා අවශ්‍ය බීජ පොහොර ආදිය ලබාදීම සහ බලලෝභී වුවමනාවන්ගෙන් යුතුව පැවැත්වීමට උත්සාහ දරන මැතිවරණය කල් දැමීමද ඉල්ලා තිබේ. නීතීඥ විජයබණ්ඩාර අත්තනායක මහතා පවසන්නේ ජනාධිපතිවරයා හෝ වෙනත් බලධාරියෙකු සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන තුරු උපවාසයේ නිරතවන බවයි.
නීතීඥ සංගමයේ මොනරාගල ශාඛාවේ ලේකම්වරයාද වන නීතීඥ ඉන්දික විජය බණ්ඩාර අත්තනායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බවද වාර්තා වේ. මේ වනවිට මොනරාගල නීතීඥ සංගමය උත්සාහ ගන්නේ බහුතරයේ තීන්දුවකින් ඔහුව ධූරයෙන් පහ කිරීමටයි. ඒ ඔහු මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබීම නිසා සංගමයේ ලේකම්වරයා ලෙස අපක්ෂපාතීව කටයුතු කළ නොහැකි බැවිනි.