කොවිඩ් මැද්දේ බණ්ඩාරවෙල නගරාධිපති රැස්වීම් තියයි

බණ්ඩාරවෙල තොගපොළ ව්‍යාපෘතියේ තාවකාලික කඩහිමියන් රැස්වීමකට කැඳවා බණ්ඩාරවෙල නගරාධිපතිවරයා ලිපියක් යවා තිබේ. නගරාධිපති ජනක නිශාන්ත රත්නායක සිය අත්සනින් යවා ඇති ලිපියේ සඳහන් වන්නේ එය අදාල කඩ හිමියන් සඳහා පැවැත්වෙන විශේෂ රැස්වීමක් බවයි.

හෙට එනම් මැයි මස 05 වැනි දින පෙරවරු 09.00 පැවැත්වීමට නියමිත මෙම රැස්වීම නගර සභා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.  ඒ සඳහා බණ්ඩාරවෙල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටද සහභාගි වන මෙන් දන්වා ඇත. මෙි වනවිට බණ්ඩාරවෙල නගරය අවටින්ද කොව්ඩ් 19 රෝගීන් වාර්තා වෙමින් තිබියදී නගරාධිපතිවරයා මෙම රැස්වීම කැඳවා ඇති බව නගර සභාවේ සේවකයෝ පෙන්වා දෙති.

පසුගිය උත්සව සමයේ පිට පළාත්වලින් දේශීය සංචාරකයන් බණ්ඩාරවෙලටද පැමිණි අතර එළවලු වෙළඳ මධ්‍යස්ථානය පිට පළාත්වල වෙළෙඳුන් බහුලව පැමිණෙන ස්ථානයකි. එවැනි පසුබිමක කොවිඩ් වසංගතය හේතුවෙන් රැස්වීම් පැවැත්වීම සීමා කර තිබියදී නගරාධිපතිවරයා මෙසේ හැසිරීම විමතියට කරුණක් බව රාජ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.

නගරාධිපතිවරයා රැස්වීම කැඳවූ ලිපිය පහතින්

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.