කොවිඩ් මැද්දේ, බඩදරු අම්මලා නැතිව වැඩ බැරි නැගෙනහිර අධ්‍යාපනය

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ 

කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය සේවයේ නියුතු ගැබිණි කාන්තාවන් සේවයට කැදවිම නොකල යුතුයි යන්න සදහන් රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛය අභිබවා ත්‍රිකුණාමල අධ්‍යාපන කලාපයේ සේවය කරන ගැබිණි පාසල් ගුරුවරියන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් සේවයට කැදවා ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි.

ලංකාවේ වෙනත් කිසිදු ආයතනයක මෙම චක්‍ර ලේඛය අභිබවා නොයන තත්වයක් තුල ත්‍රිකුණාමලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කර ඇති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරියට ලිඛිතව දැනුම් දුන් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසිය.

ත්‍රිකුණාමල අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් රාජකාරියේදි මෙවැනි පීඩනයකට ලක්කල පලමු අවස්ථාව මෙය නොවන බවද ප්‍රධාන ලේකම් වරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර පලාත් අධ්‍යාපන ලේකම් ක්‍රිෂ්ටිලාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ ත්‍රිකුණාමලය හා ත්‍රිකුණාමලය උතුර යන කලාපවල පමණක් සේවා අවශ්‍යතා මත ගැබිණි ගුරුවරියන් සේවයට කැදවිමට සිදුවු බවයි. ත්‍රිකුණාමලයේ සිංහල මාධ්‍ය පාසල්වල බරපතල ගුරු හිගයක් තිබියදි පාසලකින් ගැබිණි ගුරුවරියන් හතර පස් දෙනෙකුට නිවාඩු ලබාදිම තුල පාසල් පවත්වා ගෙන යෑම ගැටලුවක් වි ඇති බව කී පලාත් ලේකම්වරයා මෙම තත්වය සැලකිල්ලට ගෙන මෙම කලාප දෙකේ පමණක් වසංගත තත්වය පාලන වි ඇති නිසා ගැබිණි ගුරුවරියන් කැදවිමට සිදුවු බව පැවැසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.