කොවිඩ් තිබුණත්, දෙසැම්බර් 28 සිරිපා සමය අරඹයි

පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ වුවද මෙවර සිරිපා වන්දනා වාරය චාරිත්‍රානුකුලව පවත්වන බව පැල්මඩුල්ල රජමහා විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක,ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, ශ්‍රි පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

පුරාණයේ සිට පැවත එන සිරිත් විරිත් වලට අනුකූලව මෙවර උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන 2020-2012 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමාවට පත්වන බව උන්වහන්සේ කීහ.

ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ එසේ පැවසුවේය මෙවර සිරිපා වන්දනා වාරයේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් අද (29) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදීය.

පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත්කර තිබෙන සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ දෙසැම්බර් මාර්ග තුනක් ඔස්සේ දෙසැම්බර් 28 දින ශ්‍රි පාද උඩ මළුව දක්වා වැඩමකර මෙවර සිරිපා වන්දනා වාරය ආරම්භ කරන බව ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්ණායක වලට අනුකූලව ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වන තෙක් තේවා කටයුතු සිදු කරන බවද උන්වහන්සේ කීහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *