කොවිඩ් ආසාදිතයෙකු නිසා හොරණ බොරළුගොඩ කර්මාන්ත කලාපය වසයි.

ආපන ශාලාවේ වැඩ සුපරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා හොරණ බොරළුගොඩ පිහිටි ඔහු සේවය කළ කර්මාන්ත ශාලාව හා එම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඊට ආසන්න සියලු කර්මාන්ත ශාලාද වසා දැමීමට අද (30) සවස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් තීන්දු කර ඇත. කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තීරණය ගත් අතර අදාල වැඩ සුපරීක්ෂකවරයා සමීපව ඇසුරු කළ සමීපතමයින් සහ කර්මාන්ත ශාලාවේ සේවකයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගැනෙනු ඇත.
අගලවත්ත පදිංචි කොවිඩ් 19 රෝගියෙකුගෙන් වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැළකෙන මෙම පුද්ගලයා අයි.ඩි.එච් රෝහල වෙත ඇතුළත් කර ඇත. ඔහු සමග නවාතැන් ගත් ආපන ශාලාවේ කෝකියෙකුද, කර්මාන්ත ශාලාව කරා ප්‍රවාහන පහසුකම් සැපයූ වෑන් රථ රියදුරාද පරීක්ෂණවලට භාජනය කිරීමට නියමිතයි.