කොරෝනා හැදුනු ලාංකික දෙදෙනෙක් එක්සත් අරාබි එමීර්හී නිරෝධායනයේ

 කොරෝනා හැදුනු ලාංකික දෙදෙනෙක් එක්සත් අරාබි එමීර්හී නිරෝධායනයේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් අතරට ලාංකිකයන් දෙදෙනෙකුද ඇතුළත් බවත් ඔවුන් ප්‍රතිකාරවලට යොමුකර ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසන බව ගල්ෆ් නිව්ස් වාර්තා කරනවා. එරට සෞඛ්‍ය බලධාරීන්ට අනුව වාර්කා වූ රෝගීන් අතරින් තවත් පස්දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ සමග සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 17ක්. කෙසේවෙතත් වාර්තා වූ නව ආසාදිතයන් 15දෙනෙකු සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තාවන රෝගීන් ගණන 74ක් බවයි ගල්ෆ් නිව්ස් වෙත සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

වාර්තා වූ නව රෝගීන් අතරට ඉතාලි ජාතිකයන් තිදෙනෙකු, එමීර්වැසියන්, ලාංකිකයන්, බ්‍රිතාන්‍යයින් හා ඉන්දියානුවන් දෙදෙනෙකු බැගින්ද, දකුණු අප්‍රිකානු, ඉරාන හා ටැන්සානියානුවන් එක්අයෙකු බැගින්ද අයත් වෙනවා. මේ සියලු දෙනා නිරෝධායනයට යොමුකර ඇති අතර නි⁣වාරණ මට්ටම නිරීක්ෂණය කෙරෙමින් තිබෙනවා. ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණ තිබෙන අතර තහවුරු වූ කොරෝනා රෝගීන් හා සබඳතා පැවැත්වූ අයයි.
නිරෝධායනයට ලක්කර ඇති ලාංකිකයන් දෙදෙනාගේ අනන්‍යතාව හෙළිකර නොමැති නමුත් ඔවුන් අවශ්‍ය ආරක්ෂාව යටතේ සිටින බවයි වාර්තාවල සඳහන් වන්නේ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *