කොරෝනා විනාඩි 15න් නිර්ණයට නව තාක්ෂණය අත්හදා බැලේ

 කොරෝනා විනාඩි 15න් නිර්ණයට නව තාක්ෂණය අත්හදා බැලේ

කොවිඩ් – 19 රෝගයට එරෙහි සටනේදී හරිම වැදගත් ඉතාමත් ඉක්මනින් රෝගය වැළඳී ඇති බව නිශ්චය කර ගැනීම. සාමාන්‍යයෙන් එය කරන්න පුලුවන් ක්‍රම දෙකකට. එකක් තමයි ඩෙංගු පරීක්ෂාවේදී වගේ රෝගයට එරෙහිව රුධිරයේ තිබෙන ප්‍රතිදේහ පරීක්ෂා කර බැලීම. අනික තමයි වෛරසය තියෙනවාද කියලා කෙළින්ම පරීක්ෂා කරලා බලන විධිය. කොහොම වුණත් මේ පරීක්ෂණවලට කිසියම් කාලයක් වැය වෙනවා. අඩුම තරමේ වෛද්‍යවරුන්ට පරීක්ෂණ වාර්තා ලැබෙන්න දිනක් හෝ පැය කිහිපයක්වත් යනවා. නමුත් මේ කාලය සැළකිය යුතු මට්ටමකින් අඩු කරගන්න පුලුවන් නම් එය ඉතා වැදගත් වේවි. ඒ කොරෝනා වෛරසයට ගොදුරු වූ හෝ නොවූ රෝගීන් හඳුනාගැනීමේදී. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකික වෛද්‍යවරයෙකු වන කීර්ති කුලසේකර තහවුරු කළේ එරට මේවනවිට දෙපැයක් ඇතුළත කොරෝනා රෝග නිශ්චය කරගැනීමේ පරීක්ෂණයක් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි.

ඒ අතර අද (25) ඩේලිමේල් වාර්තා කළේ වෛද්‍ය තාක්ෂණඥයින් පිරිසක් මිනිත්තු 15ක් ඇතුළත කොවිඩ් – 19 ආසාධනය වී ඇතිදැයි සොයාගත හැකි මෙවලමක් නිපදවා ඇති බවයි. එම වාර්තාවට අනුව, ඔවුන් නිපද වූ උපකරණය අප දැක පුරුදු ගර්භනී බව පිරික්සන ගැජෙට්ටුව වගේ එකක්. ඉන් හොයාගන්න පුලුවන් තියා පර්යේෂකයින් සඳහන් කරන්නේ ඒ වනවිට සිරුරේ නිපද වී ඇති වෛරසයට එරෙහි ප්‍රතිදේහ. එමඟින් පුලුවන් රෝගියා කොරෝනා පොසිටිව්ද නැද්ද යන්න දැනගැනීමට. මේ සමාගම කුඩා එකක් නිසා උපකරණය නිෂ්පාදනයේදී ඔවුන් ආණ්ඩුවල සහය පතන බව ඩේලිමේල් සඳහන් කළා. වෛරසය ශරීරයට ඇතුළු වූ විගස රුධිර පරීක්ෂාවකින් ප්‍රථිඵල දන්වන්න මේ උපකරණයට නොහැකි වේවි. නමුත් ආසාධනය සිදුවුණාට පස්සෙ රෝග ලක්ෂණ පිටතට නොපෙන්වන අයෙකුට වුණත් (මෙවැන්නන් වඩා අනතුරුදායකය)  රෝගය වැළඳිලා ද යන්න තහවුරු කිරීමට ඊට පුලුවන් වේවි කියලයි කියන්නෙ.

මේ වෙනකොට වසංගතය ව්‍යාප්ත වෙලා තියෙන ස්වභාවය හා ගොදුරු වුණු පිරිස සළකන විට මෙවැනි ස්වයං පරීක්ෂණ උපකරණයක් දැඩි අවශ්‍යතාවයක් වෙන්න පුලුවන්.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *