කොරෝනා මැද්දේ, ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 120 දෙනකු රැගෙන ගිය මිනිස් ජාවාරම් නඩුවක තවත් සැකකරුවෙකු අල්ලයි

 කොරෝනා මැද්දේ, ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 120 දෙනකු රැගෙන ගිය  මිනිස් ජාවාරම් නඩුවක තවත් සැකකරුවෙකු අල්ලයි

ප්‍රංශයේ රියුනියන් දූපතට ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 120 දෙනකු රැගෙන යාම සම්බන්ධ මිනිස් ජාවාරම් නඩුවක තවත් සැකකරුවෙකු වන රිසාල් නොහොත් ලිසාර් ඉන්දුනීසියා පොලිස් අපරාධ විමර්ශන ඒජන්සිය පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දුනීසියා අපරාධ විමර්ශන ඒජන්සියේ පොලිස්පති කමාන්ඩර් ලිස්ටියෝ සිගිට් ප්‍රබෝවෝ පැවසුවේ ශ්‍රී ලංකා වැසියන් 120 දෙනෙකු ප්‍රංශයට ප්‍රවාහනය කිරීම සඳහා නෞකාවක් යොදා ගැනීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වුවමනා කර සිටි බවයි. ප්‍රංශයේ රියුනියන් දූපතට ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 120 දෙනකු රැගෙන යාමේදී වුවමනා ඉන්ධන සහ ආහාර වැනි සැපයුම් ද්‍රව්‍ය මොහුගේ මැදිහත්වීමෙන් ලබා ගෙන ඇති බවට ද කරුණු අනාවරණය වී තිබේ. මෙම මිනිස් ජාවාරමේ දී ශ්‍රී ලංකාවේ නියෝජිතයා සමඟ අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා ද මොහු මැදිහත් ව ඇත.

ප්‍රංශ රජයට අයත් රීයූනියන් දිවයිනට නීති විරෝධී ලෙස යාමට පුද්ගලයින් 120 දෙනෙකු ඒ වෙනුවෙන් ම සැකසූ යාත්‍රාවකින් හලාවත සිට ගමන් ආරම්භ කර තිබුණේ ඉකුත් වසරේ ජනවාරි 24 වනදා ය.

ප්‍රංශයට රැගෙන යන බව පවසා මෙරට පුද්ගලයින් මුළා කළ මේ මිනිස් ජාවාරම්කරුවෝ ප්‍රංශයේ කොළනියක් වන, බටහිර ඉන්දීය සාගර කලාපයේ දකුණු අප්‍රිකාවට ආසන්නව පිහිටි දිවයිනක් වශයෙන් සැලකෙන රීයූනියන් දිවයිනට ඔවුන් රැගෙන ගොස් තිබේ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *