කොරෝනා මඩින්න ගන්න මල්වතු අස්ගිරි පන්සල් සහ දළඳා මාළිගාවෙන් ජනපතිට කෝටි දෙකක්.

 කොරෝනා මඩින්න ගන්න මල්වතු අස්ගිරි පන්සල්  සහ දළඳා මාළිගාවෙන් ජනපතිට කෝටි දෙකක්.

ශ්‍රී දළදා මාලිගාවෙන් හා මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් ගෙන් කොවීඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කර තිබේ. ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් ලක්ෂ 100 ක්ද මල්වතු සහ අස්ගිරි මහ විහාර මගින් රුපියල් ලක්ෂ 50 බැගින් රුපියල් ලක්ෂ 100 ක්ද මෙලෙස ලබාදී ඇත. අදාළ මුදල් කොවීඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීමට අදාළ බැංකු රිසිට්පත් ජනපතිවරයා වෙත අද (28) මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හා දියවඩන නිළමේවරයා බාරදී තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. ශ්‍රී දළදා මාලිගාවට ගිය ජනපතිවරයාව පිළිගත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා ඒ මහතාව වැඩ සිටින කුටිය වෙත කැඳවාගෙන ගියේය. පසුව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැකීමට ගිය ජනපතිවරයා උන්වහන්සේ හා අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි සමඟ සුහඳ පිළිසඳරක නිරත වූයේය.

අනතුරුව අස්ගිරි මහ විහාරයට ගිය ජනපතිවරයා එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන වේඬරුවේ උපාලි,ආණමඩුවේ ධම්මදස්සී යන හිමිවරුද සහභාගි වූහ.

කොරෝනා වෛරසයෙන් රට මුදා ගැනීම පිණිස ජනපති ගන්නා වෑයම මහනාහිමිවරුන්ගේ හා අනුනායක හිමිවරුන්ගේ පැසසුමට ලක්ව තිබේ. ජනපති ආර්යා අනෝමා රාජපක්ෂ මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූවාය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *