කොරෝනා, බදුල්ලට පහසුකම් මදි.

කොරෝනා පරීක්ෂාවට අවශ්‍ය පහසුකම් බදුල්ල මහ රෝහලේ නැතැයි බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි. කොරෝනා රෝගය ඇතැයි සැක කරන රෝගීන් වෙතොත් ඇතුළත් කළ යුතු යැයි රජය ප්‍රකාශ කළ රෝහල් ලැයිස්තුවට බදුල්ල පළාත් මහ රෝහල නම් කර තිබුණත් අදාල පහසුකම් පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බව ඒ මහතා පවසයි.
එසේ තිබියදී ගුවන් මගින් ගෙන එනු ලබන රෝගීන් රට මැද දියතලාව හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමේ පදනම කුමක්ද යන්නත් ඔහු ප්‍රශ්න කරයි. දියතලාවේ කඳවුර අවට සිටින්නේ නීරෝගී ජන පිරිසක් බවත් මෙසේ ගෙන එනු ලබන රෝගීන් හදිසියකදී යොමු කළ යුතු වන්නේ කොළඹට බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
ඒ අතර බලධාරීන් තහවුරු නොකළ වාර්තාවකට අනුව ඇල්ල ප්‍රදේශයේ රැඳී සිටි අසනීප තත්ත්වයක් පෙන්නුම් කළ රුසියානු ජාතිකයෙකු බණ්ඩාරවෙල හෝ බදුල්ල රෝහල් වෙත භාර නොගැනීම නිසා කොළඹට පිටත් කර යවා තිබේ. ඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සෞඛ්‍ය උපදෙස් මත මුඛ ආවරණ පැළඳ රාජකාරි කරන අතර ඒ ප්‍රදේශයට පැමිණෙන විදේශිකයින් සේවා පිණිස බහුලව යොමු වීම හේතුවෙනි. බලංගොඩින් වාර්තා වෙන්නේ හදිසි තත්ත්වයකදී ක්‍රියා කළ යුතු අන්දම පිළිබඳ බලංගොඩ මූලික රෝහලේ කාර්ය මණ්ඩලය දැනුවත් කොට වාට්ටුවක්ද වෙන්කර ඇති බවයි