කොරෝනා නිසා මහනුවර දිසාවේ අන්ත දුප්පත් පවුල් 41000ක් අසරණයි – මහින්දානන්ද

මහනුවර දිස්ත්‍රික්යේ කිසිදු ආදායමක් නොලබන පවුල් 41000 ක් හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් සඳහා අත්‍යවශ්‍යය ආහර ද්‍රව්‍යය ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවත් රාජ්‍ය අමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. දිස්ත්‍රික්කය තුළ පවුල් ලක්ෂ 3 1/2 ක් ජීවත් වන බවත් ඒ අතරින් පවුල් 120000 ක් සහනාධාර ලබන බවත් කී ඒ මහතා කිසිදු ආදායම් මාර්ගයක් නොමැති පවුල් 41000 ක් ඒ අතර තිබෙන බවද ප්‍රකාශ කළේය.
කොරෝනා මර්ධන මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීම අද (27) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී අලුත්ගමගේ මහතා මේබව පැවසුවේය. අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය ග්‍රාමීය ජනතාව වෙත ගෙන යෑමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දැන් ආරම්භ කර තිබෙන බවත් මෙමඟින් ඇඳිරි නීතිය ඉවත් කරනු ලබන අවස්ථාවේ ග්‍රාමීය ජනතාව නගරයට ඒකාරාශී වීම 50% කින් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
රටපුරා ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කිරීමෙන් පසු බස්නාහිර පළාතේ සිට මහනුවර දිස්ත්‍රික්කයට 1100 දෙනෙකු ඇතුළු වී තිබෙන බවත් දැනට කොරෝනා වෛරස් ආසාධිතයින් වාර්තා නොවී තිබෙන මහනුවරට මෙය තර්ජනයක් බවත් ඒ මහතා කීය. දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට ගමන් ගැනීම තහනම් කර තිබෙන අවස්ථාවක මේ අයුරින් අවධානම් දිස්ත්‍රික්ක වල සිට පුද්ගලයින් පැමිණීම නිසා මහනුවර දිස්ත්‍රික්කයද අවධානමකට ලක්වීමේ හැකියාවක් ඇති බවද හිටපු ඇමැතිවරයා පැවසුවේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එච්.එම් හලීම්, ලකී ජයවර්ධන, ලොහාන් රත්වත්ත, දිළුම් අමුණුගම, වේලු කුමාර්, මධ්‍යම පළාත් ලේකම් කුමුදු කරුණාරත්න,මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න, මධ්‍යම පළාත් පළාත් පාලන ලේකම් මේනක හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *