කොරෝනා කාලේ බෝතල් ආලේ පොලිස් දැලේ.

 කොරෝනා කාලේ බෝතල් ආලේ පොලිස් දැලේ.

විදේශීය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 100ක් බලපතක්⁣ නොමැතිව අධි සුඛෝපභෝගී ජිප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් නුවරඑළිය මුලස්ථාන පොලිසිය විසින් (06) දින අත්අඩංගුවට ගෙන ඇත.
නානුඔය ප්‍රදේශයේ සිට ගම්පොල පුස්සැල්ලාව දක්වා මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කරන බවට නුවරඑළිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් අසිත රණතිලක මහතා වෙත ලද තොරතුරක් මත නුවරඑළිය පොලිසිය සහ යුධ හමුදා භට පිරිස් විසින් නානුඔය ප්‍රදේශයේදි මාර්ග බාධකයක් යොදා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
නානුඔය කිරිමැටිය ප්‍රදේශයේ මත්පැන්සැළක සිට මත්පැන් බෝතල් තොගය පුස්සැල්ලාව දක්වා ප්‍රවාහනය කර ඇති අතර අධික මිලට අලෙවි කිරීම සඳහා ඒවා රැගෙන එමින් සිටි බවයි නුවරඑළිය පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පොල පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ඔවුන් ,මත්පැන් බෝතල් තොගය සහ ජිප් රථය සමග නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් නුවරඑළිය මුලස්ථාන පොලීසියේ ස්ථනාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විජේසේකර මහතා පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *