කොරෝනා ආරක්ෂිත තේ සහතිකය ලංකාවට

කොරෝනා ආරක්ෂිත ක්‍රමවේද නිසිලෙස අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කළ ලොව පළමු තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති කාර්යාංශ සහතිකය කොටගල වැවිලි සමාගමට අයත් හැටන් කොටගල මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට හිමිව තිබේ.

ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යාංශ ශ්‍රවනාගාරයේදි කොටගල වැවිලි සමාගමට මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති සහතිකය ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශයේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සිද්ධිකා.ජි.සේනාරත්න මහත්මිය විසින් වතු අධිකාරි අර්ජුන මැදගම මහතා වෙත පිරිනමනු ලැබීය. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් -19  වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සඳහා  නිර්දේශ කරන ලද සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළයුතු ආකාරය පිළිබදව ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් කළ නිර්දේශ මත මවුන්ට්වර්නන් වතුයාය මගින් තේ දලු නෙළීමේ සිට තේ කුඩු නිෂ්පාදනය දක්වාම එම සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද නිසිලෙස අනුගමනය කර ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැලැක්වීම පිණිස ලබාදුන් නිර්දේශ වතු පාලන අධිකාරිය නිසිලෙස අනුගමනය කරවාද යන්න සම්බන්ධව ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශය මගින් මාස දෙකකට ආසන්න කාලයක් පුරා අධීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රමිති සහතිකය මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාවට පිරිනැමීමට තීරණයකර තිබේ. කොරොනා ආරක්ෂක ක්‍රමවේද නිසි ලෙස භාවිත කළ ලෝකයේ පළමු තේ කර්මාන්ත ශාලාව ලෙස අපේ මවුන්ට්වර්නන් තේ කර්මාන්ත ශාලාව පත්වීම පසුපස සියලු සේවකයින්ගේ කැපවීම හා උනන්දුව ගැබ්ව තිබෙන බවත් සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය 100% තහවුරු වන සේ කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත් වතු අධිකාරි ආර්ජුන මැදගම මහතා පැවසුවේය. කර්මාන්ත ශාලාවේ තේ 100% සෞඛ්‍යය ආරක්ෂිතව නිෂ්පාදනයකර වෙන්දේසියට නිකුත් කරනු ලබන බවත් මෙම සහතිකය මගින් සිලොන් ටි සෞඛ්‍ය ආරක්ෂිත බවට පණිවිඩයක් ලෝකයට යන  බවත් ඒ මහතා කීය.

ප්‍රමිති සහතිකය පිරිනැමීමේ අවස්ථාවට ශ්‍රි ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සහ කොටගල වැවිලි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක සුනිල් පෝලියද්ද, එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මහේන් මඩුගල්ල,නියෝජ්‍යය ප්‍රධාන අධ්‍යක්ෂක රෝහිත් එඩ්වඩ්,ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතිකරණ අධ්‍යක්ෂක එස්.යු.නාරංගොඩ යන මහත්වරු සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *