“කොරෝනා අපි හැදුවේ නැහැ සත්තයි. ඒක දඬුවමක්”, චීන පර්යේෂිකාවක් දිවුරයි.

කොරෝනා වයිරසය සිය ඇකඩමිය විසින් රහසිගතව නිපදවූවක් වන අතර, ආරක්ෂක විධිවිධානවල දුර්වලත්වය නිසා පිටතට කාන්දු වීමෙන් මහත් ව්‍යසනයක් නිර්මාණය වූ බවට පැතිරෙන පුවත ව්‍යාජයක් බව වූහාන් හී විද්‍යා ඇකඩමියේ පරයේෂකයෙකු පවසනවා.
ෂී ෂෙන්ග්ලි නම් මේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාව සමාජ මාධ්‍ය ඔස්සේ ඉරිදා කියා සිටියේ වෛරසය “මිනිසාගේ අශිෂ්ට පුරුදු හා සිරිත් විරිත් වලට දඬුවම් කිරීමේ” ප්‍රතිඵලයක් බවත්, කිසිම අයුරකින් කෘත්‍රීම නිර්මාණයක් නොවන බවත් ය. ඒ පිළිබඳව සිය දිවි පරදුවට තබා සහතික වන බවද ඇය පැවසුවා.
කොරෝනා වයිරසය පිළිබඳව පර්යේෂණ සිදු කරන ප්‍රධානතම විද්‍යාඥවරියක් වන ෂී ACE2 ප්‍රතිග්‍රාහක හරහා එය සෛල තුළට ඇතුළත් වන සහ වවුලන්ගෙන් සම්ප්‍රේශනය වූ බව මුලින්ම ප්‍රකාශ කළ පර්යේෂිකාවයි.

ඇය සිය අදහස් ඉදිරිපත් කළේ HIV වයිරසයේ ජාන කොරෝනා වයිරසයේ තුළට කෘත්‍රිමව ඇතුළත් කළ හැකි බවත් එමඟින් HIV රෝගයට එරෙහිව ප්‍රතිකර්ම නිපදවා ගැනීමට හැකි බවත් පවසමින් ඉන්දීය විද්‍යාඥයින් පිරිසක් පර්යේෂණ පත්‍රිකාවක් පළකිරීමෙන් අනතුරුවය.
මෙම ලිපිය ආන්දෝලනාත්මක බැවින් ලොව පුරා සිටින දෙටු විද්‍යාඥයින් අතර දැඩි කතාබහට ලක්වෙද්දී එය පළ කරන ලද විද්‍යා සඟරාවෙන් වහා ඉවත් කරගත්තා.
එම ලිපිය පිළිබඳව සිය ට්වීටරය ඔස්සේ අදහස් දක්වමින් හාවඩ් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්යවරයකු වන ඩේවිඩ් ලියු පැවසුවේ “එවැනි කෙටි සඳහන් කිරීම් වුවත් නව කොරෝන වයිරසයේ ආරම්භය පිළිබඳව සැක සංකා මතුකරන බවයි.
“මෙය හඳ එළියෙන් නැතිවූ යතුරු සෙවීමේ සම්භාව්‍ය අවස්ථාවක්” බව ඔහු පැවසුවා. “බියෙන් පෙලෙන ලෝකයකට කුමන්ත්‍රණ න්‍යායන් සඳහා නරක විශ්ලේෂණවලින් ඉන්ධන සැපයීමට අවශ්‍ය නොවන” බව ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, ඉන්දියානු ලිපිය කුමන්ත්‍රණයක් පිළිබඳ ඉඟියකැයි පවසමින් මාධ්‍ය විසින් පුළුල් ලෙස උපුටා දක්වනු ලැබුවේ චීන විද්‍යාඥයින් විසින් වෛරසය නිපදවා ඇති බවට සාක්ෂි ඇති අතර එය ආයතනයේ ජෛව සුරක්‍ෂිතතාවලින් බැහැර වූ බවයි. එසේම භයානක රෝගකාරක බීජ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා නිර්මාණය කර ඇති ඉහළම ජෛව උපද්‍රව පූර්වාරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන් සහිත පහසුකම්, ඇති චීන පර්යේෂණාගාරයේ ඉබෝලා වැනි වයිරස ගැනත් පර්යේෂණ කෙරෙන බව සඳහන් පුවත්ද පළ වුණා.
මෙම කටකතාවල ආරම්භ වූයේ ජනවාරි අග දී බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් සහ එක්සත් ජනපද කොන්සර්වේටිව් පුවත්පතක් වන වොෂිංටන් ටයිම්ස් පුවත්පත්වල කොරෝනා සිදුවීම චීනයේ රහසිගත ජීව විද්‍යාත්මක පර්යේෂණවල අහඹු ප්‍රතිපලයක් විය හැකි බව පවසමින් ලිපි පළ කිරීම ය.
මෙම ලිපි සිය චෝදනා ගැන කිසිදු සාක්ෂියක් ලබා නොදුන්නද, කතාව සමාජ මාධ්‍ය තුළ ඉතා ඉක්මනින් වයිරල් විය.
ජනවාරි 28 වන දින ඉතාලියේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චෝදනා පදනම් විරහිත සහ අසත්‍ය වාර්තාකරණයක් බවයි. “කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේදී චීනය දිගින් දිගටම විවෘත, විනිවිද පෙනෙන සහ ඉහළ වගකීමකින් යුතු ආකල්පයක් පවත්වාගෙන යන බව ඔවුන් පැවසුවා.
“වසංගතය පැතිර යාම වැළැක්වීම සහ පාලනය ශක්තිමත් කරන අතරම, අන්තර්ජාතිකව ලබා දෙන සහයෝගීතාව තීව්ර කිරීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව රෝගයට විසඳුම් සෙවීමටත් කලාපයේ සහ ලෝකයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ආරක්ෂාව ඒකාබද්ධව පවත්වාගෙන යාමටත්” චීනය කටයුතු කරන බවද ඔවුන් පැවසුවා.