කොරෝනා වෛරසයට වඩා රනිල් වෛරසය භයානකයි – චමීර පෙරේරා

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ කොරෝනා වෛරසයට වඩා භයානක බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමිර පෙරේරා පවසයි.
ජාතික මහජන සභාව අද (02) දින හැටන් නගරයේ කැදවා තිබු විශේෂ මාධ්‍ය හමුවකදී චමිර පෙරේරා ඒ බැව් කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු චමීර පෙරේරා කියා සිටියේ, “දැන් මේ එක්සත් ජාතික පක්ෂය දිහා බැලුවම කොරෝනා වෛරසයට වඩා ලොකු වෛරසයක් තමයි මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ, ඒක හොඳ කරන්න බැරි බව තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් අපි දැක්කා රනිල් වික්‍රමසිංහ එක්ක පක්ෂයේ ඩමී ටික රැස් වෙලා ආයේම පාරක් කිව්වා රනිල් වික්‍රමසිංහ තමයි හොඳම කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයටයි ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයටයි කියන්න කැමතියි ඊළඟ වතාවේදී ව්‍යවස්ථාව වෙනස් කරලා හරි කමක් නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා ස්වර්ගස්ථ වුණත් මේ භද්‍ර කල්පය පවතින තුරු රනිල් වික්‍රමසිංහ උතුමාණන්මයි මේ එජාපයේ නායකයා කියලා තීරණය කරන්න කියලා. භූත ආත්මයකින් හරි එතුමව ගෙනල්ලා නායකත්වයේ තියාගන්නවා කියලා තීරණය කරන්න පුළුවන්. දැන් පහු ගිය ජනාධිපතිවරණයේදී ලබා ගත්ත ජයග්‍රහනයක් තමයි ඔය රනිල් වික්‍රමසිංග දෝෂයෙන් නිදහස් වීම”
වත්මන් ආණ්ඩුව පිරිහෙමින් පවතින බවද, මෙහිදී, චමීර පෙරේරා පැවසීය.
“මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස 2 , 3 ඇතුලත වර්තමාන ආණ්ඩුව බිහි කිරිමට ජන්දය ලබා දුන්න අය අතර මේ වන විට බරපතල ඉච්ඡා භංගත්වයක් තියෙනවා. ඒ නිසා අපිට ඕනි විකල්ප පරිවර්ථනීය වැඩ පිළිවෙලක්. ඒක ගෙන්න පුළුවන් විකල්ප පරිවර්ථනිය නායකයෙකුට පමණයි”
“නොවැම්බර් මාසයේ ප්‍රජාතන්ත්‍රවාදි කඳවුර එවැනි නායකයෙක් පිළිගෙන තියෙනවා. එම නිසා පුළුල් සන්ධානයක් ඇතිකරගන්න ඕනි රනිල් වික්‍රමසිංහ භුත ආත්මයෙන් නිදහස්ව ගිහින් , එක තමයි මේ මොහොතේදි රටේ ජනතාව ඉල්ලා සිටින්නේ” යැයිද චමීර පෙරේරා පැවසීය.