කොන්දේසි දහය ඉටු නොකොළොත් අයි.එම්.එෆ්. ණය ලැබෙන්නේ නෑ-තිස්ස අත්තනායක කියයි

(මොහොමඩ්  ආසික්)

මේ මැතිවරණය කල්  දැමීමට රජය අනීතිකව කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ ජාතික  සංවිධාය ක තිස්ස අත්තනායක මහතා කීය.

වත්තේගම නගරයේදී  පැවැති සමගි ජන පවුර වැඩ සටහනට එක් වෙමින් තිස්ස අත්තනායක මහතා එසේ කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

රජය මේ මැතිවරණය  කල් දැමීමට දරණ උත්සායත තවමත්  අත් හැර නෑ.  මැතිවරණ කොමිසමට සල්ලි දීලත් නෑ .රජයේ මුද්‍රණාලයට සල්ලි දීලත් නෑ.  රජය මේකට  දිගටම බාධා කරමින් තිබෙනවා.  මෙම මැතිවරණය කල් දාන්න රජය උත්සාහ කරන්නේ අනිතිකව. අනීතිකව මේක නවත්වන්න  වුවමනාව තියෙන්නේ ජනාධිපතිවරයාටයි ආණ්ඩුවටයි.  මැතිවරණයක් දිනන්න පුළුවන් නම් මොන රජයද මොන නායකයාද මැතිවරණ කල්දාන්නේ.  මේ ගොල්ලන්ට දිනන්න බෑ ඡන්ද නෑ.  ඒ නිසා මැතිවරණය කල් දාලා. ඡන්දයක්  නෑ.  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කර ඇති ප්‍රකාශයේ පළවෙනියටම කියන්නේ  ලංකාවේ මැතිණ කල් දැමීම සඳහා  කිසිම ආකාරයක මැදිහත් වීමකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ නෑ කියලා . ඡන්දය කියන එක ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. ඒ අයිවාසිකම උදුර ගන්න අපි කිසි සේත් මැතිහත් වීමක කරන්නේ නෑ කියලයි කියල තියෙන්නේ.  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය දුන්නහම රටට කිරි උතුරනව වගේ රතිඤ්ඤ පත්තු කරන් උඩ පනින පිරිසක් ඉන්නවා. මේක ණයක් පොළියත් එක්ක ගෙවන්න ඕන .අනෙක  මේක හම්බ වෙන්නේ වසර හතරකින්.  ඉදිරි මාස දහය තුල ඒ ගොල්ලන්ගේ  කොන්දේසි දහය ඉෂ්ඨ කළේ නැත්නම් ණය හම්බ වෙන්නේ නෑ.  ඒ කොන්දේසි අතර තියෙනවා වංචාව දූෂණය හොරකම නවත්වන්න  යාන්ත්‍රණයක් හදන්න ඕන කියලා.  ඒක ක්‍රියාත්මක නොවෙනවනම් අයිඑම්එෆ් එක ඉවත් වෙනවා.  ජනතාවගෙ සුබ සාධනය ගැන කියනවා. තෙල්  බලශක්තිය ගැන කියනවා. ඒවා වියදම් පාලනය කර ගෙන කරන්න කියල කියනවා. මේ අතර රජය හිර වෙලා ඉන්නවා. යැයිද කීය.

එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්ද ලක්ෂ 75 ක් ලබා ගැනිමේ මෙහෙයුම  මේ වනවිට දියත් කර ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කීය.

සමගි ජන පවුර ලෙස නම් කර ඇති එම  වැඩ පිළිවෙළ  දිවයිනේ ඡන්ද පොළ 12,000 ක් ඉලක්ක කර ක්‍රියාත්මක කරන බවත් එක් ඡන්ද පොළකින් අවම වශයෙන් ඡන්ද  750 ක් රැස් කර ගැනීම මෙමගින් අපේක්ෂා කරන බවත්  තිස්ස අත්තනායක මහතා මෙහිදී කීහ.

දිවයිනේ සෑම ඡන්ද පොළක් සඳහාම ඡන්ද පොළ නියෝජිතයින් දෙදෙනෙකු බැගින් පත් කරන බවත් ඔවුන් දෙදෙනා එම ඡන්ද පොළින් ඡන්ද 750 ක් සමගි ජන බලවේගය සඳහා එකතු කර ගැනීම සිදු කළ යුතු බවත් ඒ මහතා කීය. මේ වන විටත් සමගි ජන බලවේගයට විශාල ඡන්ද පදනමක් ඇති බවත් එම නිසා මෙම ඉලක්කය සපුරා ගැනීම එතරම් අපහසු නොවන බවත් ඒ මහතා කීය.

පළාත් පාලන මැතිවරණය කොතෙක් කල් දැමුවද එයට සීමාවක් ඇති බවත් ඉතා ඉක්මනින් ඡන්දය පැවත්වීමට රජයට සිදු වන බැවින්  මෙම ඡන්ද පොළ ඡන්ද මෙහෙයුම ඒ සඳහාද යොදා ගත හැකි බවත් තිස්ස  අත්තනායක මහතා මෙහිදී කීහ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *