කොත්මලාවේ නිවුණු පිය පහන

කවා විළඳ කුරුළු තුඩට පැටවුන්ගේ
බදා සිප සනසවා පොඩි හිත් උන්ගේ
සදා ගන්න දවසේ කාරිය හනිකේ
සිතා මගට බැස නුඹ ගිය දෙස කොයිබේ

මහා කලු වලා ඇතිරී හිසට උඩින්
සියොලඟ රිද්දවා ඇදුණා සුළඟ සැරෙන්
එගොඩ යන්න හිතලා පාලම තරණින්
හිතාගෙනද නුඹ අද ආවේ ගෙදරින්

එපා වෙලා මිසදිටු ලෝකයෙ දෙවියන්
ඉවසා දරා ගන්නට බැරි තරම් දුකින්
හුස්ම ගන්න නැති හින්දා ඉතිරි කිසිත්
ගඟට පැන්න ලඳ දුටුවද නුඹ එසැනින්

ඇයගේ උපන් ජාතිය බස නොදැනීදෝ
රතු ලෙය නුඹේ උතුරා ලය රත් විණි දෝ
පහළින් ගලන ගඟ දිය සුලි නොපෙනුණි දෝ
දෙවියන් නුඹේ ජල රැලි මත දිස් වුණිදෝ

අල්වා ඇගේ අත මුදවා මරු කටිනී
පෙන්වා ඉවුර නොපමාවම යන ලෙසිනී
නොපෙනී නුඹ ගියේ කෙලෙසද දිය යටිනී
තාමත් ආවෙ නැත්තේ ඇයි පියතුමණී

-නිරෝෂා සුමුදුනී-

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *