කොටි රත්තරන් සෙවූ පිරිස පොලිස් දැලේ

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ
නිධානයක් ගොඩ ගන්නා මුවාවෙන් එල්.ටි.ටි.ඊ සංවිධානය යුධ සමයේ වැළලු රත්තරන් තොගයක් ගොඩ ගැනිමට කැනිමක් සිදු කරමින් සිටියදී අත්අඩංගුවට පත් වු පුද්ගලයන් නවදෙනෙකු ලබන 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් දර්ශනි අන්නතුරේ මෙනවිය පොලිසියට නියම කළේ ය.
මෙලෙස බන්ධනාගාර ගත වුයේ අනුරාධපුර, මිහින්තලේ, ත්‍රිකුණාමලය, පේරාදෙණිය, නුවරඑළිය ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් නව දෙනෙකි. කැනිම් කල ස්ථානයේ තිබි පුජා භාණ්ඩ රැසක් හා කැනිම් උපකරණ කිහිපයක්ද පොලිසියට අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
නිලාවේලි, අඩුක්කුපාඩු නම් ස්ථානයේ මෙම පිරිස රන් සොයා කැණීම සිදුකර තිබුණි. නිලවෙලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි. ඩි. පි. නිශාන්ත කුමාර මහතා බී වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම කැනිම් සිදුකල අඩුක්කුපාඩු නැමැති ස්ථානය පිළිබද පුරාවිද්‍යා වාර්තාවක් කැදවිමට කල ඉල්ලිමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නේය.