කොටි උණ්ඩයට බිලි වූ සභාරත්නම් සැමරේ.

 කොටි උණ්ඩයට බිලි වූ සභාරත්නම් සැමරේ.

දෙමළ විමුක්ති කොටින්ගේ සාහසික මනුෂ්‍ය ඝාතන ගිණුමට බැරවන ටෙලෝ නායක ශ්‍රී සභාරත්නම්ගේ 34 වන ගුණානුස්මරණය යාපනයේදී පැවැත්විණ.
කොටින් තමන්ට එරෙහි සංවිධානයක් ලෙස සැළකූ ටෙලෝ හෙවත් දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයෙහී නායක සභාරත්නම් ඝාතනය කළේ 1986 මැයි 05 වැනිදා යාපනය කෝපායි ප්‍රදේශයේදී වෙඩි තැබීමෙනි. ප්‍රභාකරන් තමන්ට අභයෝගයක් විය හැකි දෙමළ නායකයන් ඝාතනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා සභාරත්නම් ඝාතනයට ලක් විය.

දෙමළ ජන විමුක්තිය වෙනුවෙන් සන්නද්ධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ සභාරත්නම්

යාපනය නල්ලූර් , කෝපායි, උරුම්පිරායි ප්‍රදේශවල පැවති හිටපු ටෙලෝ නායකයාගේ 34 වැනි ගුණ සැමරුම් වෙනුවෙන් වත්මන් ටෙලෝ පක්ෂ සාමාජිකයින් වූ එම්. කේ. සිවාජිලිංගම්, වින්දන් කනගරත්නම් , කේ. සුරෙන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මෙම සැමරුම් ඉතා චාම් අන්දමින් සිදුකළ බව සංවිධායකයෝ පැවසූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *