කොටගලින් නව ආසාදිතයන් 40ක්
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (18) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 40 දෙනෙකු හදුනාගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වු නව අසාදිතයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 40 දෙනා හදුනාගත් බවත්, එම අසාදිතයන් 40 අතර වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
අසාදිතයන් තලවකැලේ කටුකැලේ ,ග්‍රේට්වෙස්ටර්න් ,රත්නිල්ලකැලේ ,දෙව්සිරිපුර ,පතන , මවුන්ට්වර්නන් සහ කොටගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
නව අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවත්, කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් අසාදිතයන් 391 දෙනෙකු හමු වි ඇති අතර , කොවිඩ් මරණ 15 ක් වාර්තා වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.