කේසර හලාගෙන ඩේලි මිරර් ලොකු පුටුවට ජමිලා

දිවයිනේ වැඩිම අලෙවියක් සහිත දිනපතා ඉංග්‍රිසි පුවත්පත වන ’ඩේලි මිරර්’ පුවත්පතේ කර්තෘ කේසර අබේවර්ධන මහතා හදිසියේම එම ධුරයෙන් ඉවත් කර ඇත.
රංජිත් විජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු විජය පුවත්පත් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ධුරයට ඔහුගේ පුත් සුජාන් විජයවර්ධන මහතා පත්වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව පුරප්පාඩු වු ‘ඩේලි මීරර්’ කර්තෘ පුටුවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන ජමිලා හුසේන් මහත්මිය පත් කර ඇත.
ජමිලා හුසේන් මහත්මිය රාජපක්ෂ පවුලේ සමීප මිතුරියක ලෙස ක්ෂේත්‍රයේ හැදින්වෙන අතර පසුගිය වසරේ මහජන විරෝධතා ආවරණය කිරිමට ගිය අවස්ථාවක දී විරෝධතාකරුවෝ පිරිසක් ඒ බව කියමින් ඇයට ප්‍රසිද්ධියේම සිය විරෝධය පළ කළහ.
සාරා අබේගුණවර්ධන