කේජිරිවාල් හැට්‍රික් සහ ඉන්දියන් පොලිටික්ස්

අද නිකුත් වූ දිල්ලියේ ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵලයට අනුව අරවින්ද් කේජිරිවාල්ගේ නායකත්වයෙන් යුත් ආමි ආද්මි පක්ෂය හෙවත් පොදු ජනයාගේ පක්ෂය දිල්ලි ප්‍රාන්ත සභාවෙි මන්ත්‍රී ධුර 70 න් 62 ක් හිමිකරගෙන පිට පිට තුන්වන වතාවටත් එහි බලය තහවුරු කරගෙන තිබෙි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතිය ජනතා පක්ෂය මන්ත්‍රී ධුර 8ක් හිමිකරගෙන ඇති අතර සෝනියා සහ රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂයට එකදු මන්ත්‍රි ධුරයක්වත් හිමිව නැත. 2015 ප්‍රාන්ත මැතිවරණයේදී ආමි ආද්මි පක්ෂය මන්ත්‍රී ධුර 67 ක් හිමිකරගත් අතර භාරතීය ජනතා පක්ෂය සෙසු මන්ත්‍රී ධුර 3 හිමිකර ගත්තේය. ඒ ප්‍රතිඵලය හා සන්සංදනය කරන විට ආම් ආද්මි පක්ෂයේ මන්ත්‍රී ධුර 5 ක් අඩුවී තිබුණද පාලක භාරතිය ජනතා පක්ෂයේ දැවැන්ත බලය හමුවෙි ලැබූ මෙි ජයග්‍රහණය අතිවිශිෂ්ඨ එකකි.

කේජිරිවාල්ගේ හැට්‍රික් දිනුම හරහා ප්‍රධාන දේශපාලනමය කරුණු දෙකක් හඳුනාගත හැකිය.පලමුවැන්න ඉන්දියාවෙි දේශපාලන හැසිරීම ජාතික මටිටමෙිදී සහ ප්‍රාන්ත මටිටමෙිදී වෙනස් වන ආකාරයයි. මාස දහයකට පෙර පැවති මහ මැතිවරණයේදී ඉන්දියාවෙි හතර දිග්භාගයෙන්ම අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතිය ජනතා පක්ෂයට හැකිවිය. මහ මැතිවරණයේදී ඉන්දීය පාර්ලිමේන්තුවට දිල්ලියෙන් මන්ත්‍රීවරුන් සිවිදෙනෙකු තෝරා පත්කර යැවෙන අතර ඒ සිවිදෙනාම තේරී පත්වූණේ භාරතිය ජනතා පක්ෂයෙනි. ජනප්‍රිය ක්‍රිකටි ක්‍රීඩකයෙකු වන ගෞතමි ගාම්භීර් ඉන් එක් අයෙකු වන අතර ඔහු මෙි ප්‍රාන්ත මැතිවරණයට පෙර කියා සිටියේ මහා මැතිවරණයේදී මෙන් ප්‍රාන්ත මැතිවරණයේදී ද භාරතීය ජනතා පක්ෂය අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බවයි. තමන් කළ හැකි සියල්ල කළද ආමි ආද්මි පක්ෂයට ප්‍රාන්ත මටිටමෙි ඇති ජනප්‍රියත්වය ඉක්මවා යාමට තමන්ට නොහැකි වූයේය යන්න මැතිවරණයට පසු ඔහුගේ ප්‍රකාශය විය. ඉන්දීය දේශපාලනයේ මෙි හැසිරීම දිල්ලියට පමණක් පොදු තත්වයක් නොවෙි.මාස දහයකට පෙර පැවති මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය, පහසුවෙන් ජයග්‍රහණය කල මහාරාෂ්ඨ, ජහාර්කන්ඩි යන ප්‍රාන්ත, ඉන් පසු පැවති ප්‍රාන්ත මැතිවරණවලදී ඔවුන්ට අහිමි විය. හර්යානා ප්‍රාන්තය ඔවුන් ජයග්‍රහණය කළේ යන්තමිනි. දැන් දිල්ලියේද ඔවුන් අන්ත පරාජයක් ලබා තිබෙි.⁣මෙි සියල්ල සිදුවූයේ කාෂ්මීරය සදහා දී තිබූ සුවිශේෂී තත්වය අහිමි කිරීම, අයෝධ්‍යාවෙි යළි හින්දු දෙවොලක් ඉදිකිරීම වැනි හින්දු බහුතරය සන්තර්පනය කරන කටයුතු රැසක් මැදය. භාරතිය ජනතා පක්ෂය මෙි සියල්ලේ සමස්ත ශක්තිය එකට එක්කොට මධ්‍යම ආණ්ඩුවෙි හයියද සහිතව ආම් ආද්මි පක්ෂයට එරෙහිව සටන් කළ අතර කෙක්කෙන් හෝ කොක්කෙන් අගනුවර දිනා ගැනීම ඔවුන්ගේ අරමුණ විය.කේජිරිවාල් පකිස්තාන හිතවතෙකු බවත් ඔහු බහුතර හින්දු ජනතාවගේ සතුරෙකු බවටත් චෝදනා නැගිණ. එහෙත් ඒ කිසිවක් වැඩ කෙරුවෙි නැත. එහි හරය වන්නේ ඉන්දීය දේශපාලනයේ ජාතික මටිටමෙි සටන් පාඨ ප්‍රාන්ත මටිටමෙිදී වැදගත් නොවන බවයි.මහ මැතිවරණවලදී ප්‍රාන්ත මටිටමෙි බලය හිමි දිල්ලියේ ආමි ආද්මි, බටහිර බෙංගාලයේ තෘණමූල කොංග්‍රස් වැනි පක්ෂවලට මහ මැතිවරණවලදී ගැණිය හැකි නියෝජනයක් හිමි නොවීමෙන්ද පෙනී යන්නේ එහිම ප්‍රතිලෝමයයි.

ඉන්දියාවෙි ප්‍රාන්ත සහ ජාතික මැතිවරණවලදී පවතින මෙම විෂම හැසිරීමට අමතරව කේජිරිවාල්ගේ ජයග්‍රහණයට අදාළ අනෙක් ප්‍රධාන දේශපාලන කරැණ වන්නේ ඔහුගේ පොරොන්දු දේශපාලනය සහ ඒවා ඉටු කිරීමෙි ඉහළ සමිභාවිතාවයි.බැලූ බැල්මට, කේජිරිවාල්ගේ දේශපාලනය පොරොන්දු මල්ලකි. එහෙත් විශේෂත්වය වන්නේ ඒවා කඩවුණු පොරොන්දු නොවීමය. දිල්ලියේ අඩු ආදායමිලාභීන්ට යමි ඒකක ප්‍රමාණයක් දක්වා විදුලිය සහ ජලය හිමිවන්නේ නොමිලයේය.පසුගිය පාලන කාලයන් තුළ දිල්ලියේ පොදු සොඛ්‍යය, අධ්‍යාපනය සනීපාරක්ෂක සහ ප්‍රවාහන වැනි සේවාවන් අසාමාන්‍ය ලෙස දියුණු කර තිබෙි. දිල්ලි ප්‍රාන්ත බස් සේවාවෙි සියලු බස්රථවල කාන්තාවන්ට ගමන් පහසුකමි හිමිවන්නේ නොමිලයේය. බස්රථයකට නගින කාන්තාවක් කළ යුත්තේ නොමිලයේ ලැබෙන රෝස පැහැති ටිකටි පත කොන්දොස්තරවරයාගෙන් ඉල්ලාගෙන ලඟ තබා ගැනීම පමණි. එක්කෝටි අනූලක්ෂයකට ආසන්න ජන සංඛ්‍යාවක් වෙසෙන වර්ග කිලෝමීටර 1484 ක් පමණ විශාලත්වයෙන් යුත් දිල්ලියේ , අල්ලස සහ දූෂණය සුලබ නිලධාරිවාදයකට මැදිව මෙවන් හරඹයන් කිරීම එක්තරා ආකාරයක විස්මයකි.
රාජ්‍ය නිලධාරියෙකු ලෙස ලද අත්දැකීම්, දූෂණයට එරෙහි දැඩි ප්‍රතිපත්ති, අදහාගත නොහැකි අන්දමෙි සරල බව සහ පැය විසිහතර පුරා වන කැපවීම ආදිය කේජිරිවාල්ගේ සහ ආම් ආද්මි පක්ෂයේ මෙම පොරොන්දු ඉටුකිරි⁣මෙි දේශපාලනයේ සාර්ථකත්වයේ රහස්ය.

මෙි සියලු දේශපාලනමය කරුණු මැද මෙවර දිල්ලි මැතිවරණය, ඉන්දියාවෙි, අංක එකේ මැතිවරණ මෙහෙයුමි විශේෂඥයා ලෙස සැලකෙන ප්‍රෂාන් කිෂොර්ගේ සංකේත ප්‍රාග්ධනය ද ඉහලටම ඔසවා තිබෙි. නව මාධ්‍ය මූලිකව සිදුකෙරැණු ආම් ආද්මි පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම ඔහු ස්වෙච්ඡාවෙන්ම භාරගෙන තිබුණු අතර ඒ අනුව ⁣මෙම ජය ඔහුගේ ප්‍රාග්ධන ගිණුම තරකොට තිබෙි.ප්‍රෂාන් කිෂෝර්ගේ ඊලඟ මැතිවරණ මෙහෙයුම ලබන වසරේ පැවැත්වෙන බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණය වන අතර දිල්ලි මැතිවරණයේ උගත් පාඩමි එහිදී වෙනත් ආකාරයකින් යළි අත්හදා බැලෙනු ඇත.


විරංජන හේරත්.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *