කෙහෙළිය ඇමරිකාවෙන් ගේම ඉල්ලයි.

 කෙහෙළිය ඇමරිකාවෙන් ගේම ඉල්ලයි.

ශ්‍රී ලංකාවෙන් කිසිදු විමසීමක් නොකර ඇමරිකාව විසින් යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාට එම රටට ඇතුළු වීමේ තහනමක් පැනවීම තුළින් දෙරට අතර පවත්නා රාජ්‍යය තාන්ත්‍රික සබඳතා වලට හානියක් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍යය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඇමරිකාව මෙන්ම ශ්‍රී ලංකාවද නිදහස් ස්වෛරී රටක් බවත් මේ නිසා රාජ්‍යය තාන්ත්‍රික මට්ටමින් කිසිදු සාකච්ඡාවක් නොකර ඇමරිකාව මේ ආකර තීණ්දු තීරණ ගැනීම සාදාරාත්මක නොවන බවත් ඒ මහතා කීය.
මහනුවර පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේදී අද(16) පැවැති මාධ්‍යය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
යම් යම් රට වලට හා පුද්ගලයින්ට එරෙහිව චෝදනා එල්ල කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ලෝකය පුරා ක්‍රියාත්මක වන බවත් එවැනි පසුබිමක චෝදනා පමණක් පදනම් කර ගනිමින් යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් ඇමරිකාව මේ ආකාර තීන්දුවක් ගැනීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය කඩිනමින් මැදිහත්වීක් කරන බවත් ඇමැතිවරයා කීවේය.
ස්වෛරී රටක රාජ්‍යය මට්ටමින් යුද හමුදාපති පත් කරන බවත් එම පත් කිරීම හෝ පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් රාජ්‍යය තාන්ත්‍රික බවින් මිදී යම් රටක් තීන්දු තීරණ ගන්නේ නම් එය කාගේ අවශ්‍යතාව මත සිදුවන්නක්ද යන්න සොයා බැලිය යුතු බවත් ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *