කුරුණෑගල නගරාධිපතිවරයාගේ නිවාසවලට පහරදුන්නා යැයි අත්අඩංගුවට ගත් අය ඇපමත නිදහස්

ඉබ්බාගමුව කුමාරි දිසානායක 
කුරුණෑගල නගරාධිපතිවරයාගේ  නිවාසවලට පහරදුන්නා යැයි සැක කරමින් පුද්ගලයින් දෙදෙනෙකු කුරුණෑගල  පොලිස් වැටලීම්  අංශයෙන් අත්අඩංගුවට ගෙන  කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (17) ඉදිරිපත් කරනු ලැබීය. 
එසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු කුරුණෑගල ගෝඨා go ගමේ  අරගලය වෙනුවෙන් ප්‍රධාන වශයෙන් පෙනී සිටි පුද්ගලයෙකි . කුරුණෑගල නගරයේ නිවාස සැලසුම් ශිල්පියෙකු ලෙස වෘත්තියෙන් නිරත  අමිල  මෙන්ඩිස් නැමැති අයෙකි .
 අදාළ සැකකරුවන් ලබන 28 දා නැවත උසාවියට කැඳවමින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නට කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කරනු ලැබීය.   සැකකරුවන්  වෙනුවෙන් ස්වාධීන  නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ. පදනම් විරහිතව පුද්ගලයින්  අත්අඩංගුවට ගැනීමට එරෙහිව කුරුණෑගල  උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් ද  පැය 4 ක පමණ කාලයක් පැවැත්විණි .

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.