කුණ්ඩසාලේ කලගොල්ලාගොඩ පාර අබලන්
මහනුවර කටුගස්තොට වත්තේගම ප්‍රධාන මාර්ගයේ සිට උඩගුන්නෑපාන පල්ලේගුන්නෑපාන යන ප්‍රදේශවලට ගම්මානවලට ගමන් කරන කලගොල්ලාගොඩ මාර්ගයේ කිලෝ මීටර් භාගයක පමණ කොටසක් දැඩි ලෙස අබලන් තත්වයට පත්ව ඇති බැවින් එම මාර්ගයේ ගමන් කරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.
කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් මෙම මාර්ගය පවුල් 500 කට වැඩි පිරිසක් භාවිතා කරන බවත් එය වැසි දිනවල වාරිමාර්ගයක් බවට පත් වන බවත් නිසි කාණු සකස් කිරීමකින් තොරව මාර්ගය කොන්ක්‍රීට් කර තිබීම නිසා එවැනි තත්ත්වයකට පත් ව ඇති බවත් ප්‍රදේශයේ ජනතාව සඳහන් කරති
මෙම මාර්ගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ අසල පදිංචි මහවැලි විද්‍යා පීඨයේ නියෝජ්‍ය පීඨාධිපති ඒ.ජේ.බස්නාගොඩ මහතා සදහන් කළේ මෙම මාර්ගය දීර්ග කාලයක් තිස්සේ මේ ආකාරයටම පවතින බවත් මාර්ගය කොන්ක්‍රීට් කිරීම නිසි සැලසුමකින් තොරව සිදුව තිබෙන නිසා වැසි වතුර මාර්ගයේ ගමන් කිරීමෙන් මාර්ගය අබලන් වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ එම ප්‍රදේශයේ පදිංචි ඊ.ජී.එඩ්වඩ් මහතා සඳහන් කළේ මාර්ගය සකස් කර දෙන ලෙස කිහිප වරක්ම ඉල්ලීම කර ඇති බවයි අතුරු මාර්ගවලින් ගලා එන වැසි ජලය නිසා මාර්ගය වාරිමාර්ගයක් වන බවද ඔහු කීය. මැතිවරණයකට සූදානම් වන මේ අවස්ථාවේදීවත් මෙම මාර්ගය සකස් කර දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය
මොහොමඩ් ආසික්