කුඩු ජාවාරමේ නඩු භාණ්ඩ පොලීසියෙන් පැන්නූ පොලිස් ලොක්කා අත්අඩංගුවට
කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස පොලිස් ස්ථාන භූමියේ ගාල්කර තිබූ හෙරොයින් මත්කුඩු ජාවාරම් කිරීමට යොදාගත් බව කියන ත්‍රිරෝද රථයක් උසස් නිලධාරීන්ගේ කිසිදු අනුමැතියකින් තොරව පොලිස් ස්ථානයෙන් පිටමං කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ.
නඩු භාණ්ඩයක් ලෙස පැවැති ත්‍රිරෝද රථය සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් එහි හිමිකරුට ලබාදී ඇති බවට පොලීසිය සැකකරයි. මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන ත්‍රිරෝද රථයේ හිමිකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන බව පොලීසිය පවසයි. පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සිටි සැකකරු ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූරයට උසස්වීම් ලැබ ඇත්තේ මෑතකදීය.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල් රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී සමන් අංගම්මන මහතා සහ කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එස් උවින්දසිරි මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.