කුඩා තේ වතු හිමියන් ගසාකන බලංගොඩ පොහොර ජාවාරම

 කුඩා තේ වතු හිමියන් ගසාකන බලංගොඩ පොහොර ජාවාරම

බලංගොඩ නන්දන සමිපත්

අලෙවි  කළ  යුතු  මිල රුපියල්  1000 ක්  ලෙස   සටහන්    කර  ඇති  කිලෝ  50  යුරියා  වර්ගයේ  පොහොර  මිටියක්  බලංගොඩ   ප්‍රදේශයේ   අමු  තේ  දළු   වෙළෙන්දන්  විසින්  රුපියල්  1600 ක මිලට  තමන්ට    මෙි දිනවල  අලෙවි  කරන  බවට  කුඩා  තේ  වතු  හිමියෝ චෝදනා  කරති.

කිලෝ 50  ක පොහොර බැගයක්  සදහා  වෙළෙන්දන්  විසින්  රුපියල්  600 ක  පමණ  වැඩි  මිලක්  අය කර  ගන්නා බව පෙන්වාදෙන කුඩා  වතු  හිමියන්  සඳහන්  කරන්නේ එය බරපතල අසාධාරණයක් බවයි. ග්‍රාමීය ප්‍රදේශවල  කුඩා  තේ  වතු  හිමියන්  වැඩි  වශයෙන්  පොහොර  ගෙන්වා  ගනු  ලබන්නේ  තමන්ගේ   අමු  තේ  දළු මිලට ගන්නා   වෙළෙන්දන්   හරහාය. නමුත්   නගරයේ  වෙළඳසැල්වල  පොහොර  මිටියක  මිල  රුපියල්  1500 ක්  දක්වා   ඉහළ  ගොස්  තිබෙන  බව   පවසමින්   තේ දළු මිලට ගන්නා වෙළෙන්දන්    රුපියල් 1000 කට අලෙවි   කිරිමට  නියම කර ඇති කිලෝ පනහක යුරියා වර්ගයේ පොහොර බැගයක්  රුපියල් 1600 කට      තමන්ට ලබා  දෙන  බව කුඩා  තේ  වතු හිමියෝ වැඩිදුරටත් සඳහන්  කරති. පොහොර වෙළෙන්දන්  විසින්   පොහොර බැගයක් සඳහා අධික  මිලක්  අයකරනවාද  නැතහොත්  තේ  දළු මිලට ගන්නා  වෙළෙන්දන් විසින්  අධික මිලක් අය කරනවාද  යන්න  කුඩා  තේ  වතු  හිමියන්ට   ගැටලුවක්  ව  තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *