කුඩාවැල්ලේ හෙරොයින් ජාවාරම වටලයි

කුඩාවැල්ල ධීවර වරායේ සිදුකල විශේෂ වැටලිමකදී මත් කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයන් තිදෙනෙකු හෙරොයින් මිලි ග්‍රෑම් 1293ක් සමග අද (23) සවස අත්අඩංගුවට ගැනීමට මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.

කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි 55 හා 28 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු සමග අම්බලන්තොට පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 1293ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර 24 හැවිරිදි සැකකරුට හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පෙර වැරදි තුනක්ද පවතින බව පොලිසිය ප්‍රකාශ කරයි. ධීවර කාර්මිකයන් සඳහා අලෙවි කිරීමට මෙම හෙරොයින් මත් කුඩු කුඩාවැල්ල ධීවර වරායට රැගෙන විත් තිබු බවයි අනාවරණය වී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරිම් වලදී හොරොයින් ජාවාරම සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වි ඇති බවත් ඒ ඔස්සේ තවදුරටත් වැටලීම් සිදුකරන බවත් මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිලධාරීහු පවසති.

මාතර හම්බන්තොට දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ජගත් පලිහක්කාර මහතාගේ උපදෙස් පරිදි මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ සථානාධිපති උප පොලිස් පරික්ෂ කුමාර දඩල්ලගේ,උප පොලිස් පරික්ෂක ජගත්, යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැටලීම දියත් විය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *