කුඩාවැල්ලේ “සුරේෂ්” බෝට්ටුව අන්දමන් දූපත්වලට ගසා ගෙන යයි
තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ ධීවර කාර්මිකයන් 06 දෙනෙකු සුරේෂ් නමැති සිය බහු දින ධීවර යාත්‍රාවද සමග අන්දමන් දූපත් වෙත පාව ගොස් ඇතැයි නාවික හමුදාව උපුටා දක්වමින් තංගල්ල පොලීසිය පවසයි. දියඹේදී දැඩි සුළං ප්‍රවාහයකට හසුවීම නිසා අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දුන් ඔවුහු පසුගිය 26 වැනිදා ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ගොස් ඇත. සිය බෝට්ටුව ආපදාවට ලක් වූ බව එහි හිමි කරු වන තංගල්ල කුඩාවැල්ල පදිංචි එල්.වයි.සංජිව මහතා විසින් තංගල්ල මුලස්ථාන පොලිසියට දැනුම් දෙනු ලැබ තිබේ.
ඒ අනුව කළ විමර්ශනයකදී තහවුරුව ඇත්තේ ධීවර යාත්‍රාවේ ස්ක්‍රිපර් වන ඒ.එන්.ඩී.ඉෂාන් හා ධීවර කාර්මිකයින් වන වයි.ජී.එම්.තුෂාර ,එන්.එම්.රුචිර, එම්.එම්.කවිදු හා ඩී.ඩබ්ලිව්.නලීන් යන සය දෙනා බෝට්ටුව සමග අන්දමන් දුපත් වලට ගසාගෙන ගොස් ඇති අතර නිරුපද්‍රිතව එහි සිටින බවයි.