කිලානි වත්තේ කම්කරුවෝ වැඩ වරති.

ගත වු දින කිහිපය තුල නියමිත තේ දළු ප්‍රමාණය නෙළීමට අපොහොසත් වීම නිසා දින අඩක වැටුපක් ගෙවීමට වතු පාලන අධිකාරිය කටයුතු කිරීමට විරෝධය පාමින් බගවන්තලාව කිලානි තේ වත්තේ වතු කම්කරුවන් ඊයේ (20) දින තේ දළු නෙලිමේ කටයුතු වලින් ඉවත්විය. කම්කරුවෙකු
දිනක වැටුපට අමු තේ දළු කිලෝ 15 – 20 අතර ප්‍රමාණයක් නෙළිය යුතු අතර පසුගිය මාස කිහිපය තුල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පැවති දැඩි වියළි කාලගුණයත් සමග තේ දළු ඵලදාව අඩුවිම නිසා නියමිත තේ දළු ප්‍රමාණය නෙලිමට ඔවුන්ට නොහැකි විය
තේ දළු වැවෙන තෙක් තමන් ඒවා නෙලිමේ දෛනික කටයුතු සිදු නොකරන බවද විරෝධතාවයේ නියැලි වතු කම්කරුවෝ කියා සිටියහ.

මේ අතර කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබු ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරිමට කටයුතු කළද තේ වතු ආශ්‍රිතව වැඩ කරන වතු කම්කරුවන් මුඛ ආවරණ පැළඳ තේ දළු නෙලිමේ කටයුතු වල නියැලී සිටියදී පවා වතු පාලන අධිකාරිය ඒ පිළිබඳව කිසිදු තැකීමක් සිදු නොකරන බව අනාවරණය විය.