කිරිඳිවැල විදුලි සේවක ප්‍රහාරය, මැරයන් අත්අඩංගුවට නොගතහොත් වර්ජනයක්

 කිරිඳිවැල විදුලි සේවක ප්‍රහාරය, මැරයන් අත්අඩංගුවට නොගතහොත් වර්ජනයක්

පසුගිය ජූලි 3 වන දා රාත්‍රී 8.00 ට පමණ ලංකා විදුලි බල මණ්ඩලයේ කිරිඳිවැල ඩිපෝවේ විදුලි සේවකයින් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ලවීමෙන් තුවාල ලැබූ සේවකයින් 3 න් දෙනෙකු වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මේ වන විට මෙම පහරදීමට සහභාගී වූ සැකකරුවන් 20 දෙනෙකුගෙන් එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය අපක්ෂපාතීව කටයුතු කර නැති බවට සේවකයින් චෝදනා කර ඇත. මෙම සේවකයින්ට පහරදීම සම්බන්ධව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ හේතුව නිසා කිරිඳිවැල ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් තමන්ගේ ආරක‍්ෂාව ගැන සලකා සේවයෙන් ඉවත් වී ඇත. තවදුරටත් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් හෙට රැස්වන වෘත්තීය සමිති හමුවේදී වර්ජන ක්‍රියාමාර්ගයකට යාමේ තීරණ ගැනීමට නියමිත බව ඔවුන් පවසයි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *