කිරිඇල්ලගේ පුටුව ශාන්තිනීට

එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් බල මණ්ලයේ සභාපති ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉන් ඉවත්කර ඒ සඳහා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමඟි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශාන්තිනී කෝන්ගහගේ මහත්මියව මහනුවර එජාප බල මණ්ඩල සභාපති ධූරයට නම්කරනු ලැබ ඇත.
වසර 15 ක පමණ කාලයක් මධ්‍යම පළාත් සභාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන කෝන්ගහගේ මහත්මිය එජාපයේ හේවාහැට ආසන සංවිධායක ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් අසූව දශකයේ දේශපාලනයට පිවිසි ඇය පසුව අනූව දශකය මුල් භාගයේදී එජාපය හා එක්විය.එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතා පෙරමුණේ සභාපතිනිය ලෙසද ඇය කටයුතුකර තිබේ. මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේද කෝන්ගහගේ මහත්මියයි.