කින්නියාවෙන් නීතිවිරෝධී තංගුස් දැල් අල්ලයි

 කින්නියාවෙන් නීතිවිරෝධී තංගුස් දැල් අල්ලයි

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ ‍

 කින්නියා පොලිස් වසමට අයත් උප්පාරු ප්‍රදේශයේ වලදමා තිබු තංගුස් දැල් තොගයක්  පෙරේදා (12)  අත්අඩංගුවට ගැනිමට ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ  ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරිහු සමත්වුහ. ස්ථාන දෙකක ප්ලාස්ටික් බැරල්වල දමා වලදමා තිබු මෙම තංගුස් දැල් තොගයේ වත්මන් වෙළදපොල වටිනාකම රුපියල් 387,000/- පමණ වන බව එම දෙපාර්තමේන්තුවේ  සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටී කම්කානම්ගේ මහතා පැවසිය. කිලෝ ග්රෑම් 43ක බරින් යුත් මෙම දැල් තොගය සමග එක් සැකකරුවෙකු  අත්අඩංගුවට ගෙන තිබේ. 1996  අංක 02 දෙරණ  ධීවර හා ජලජ සම්පත්  පනත යටතේ මෙම දැල් භාවිතය , සන්තකයේ තබා ගැනිම, තහනම් වන අතර එම පනත යටතේ  සැකකරුට එරෙහිව නඩු දැමීමට නියමිතය.සහකාර  අධ්‍යක්ෂ ඉෂාර ටි.කම්කානම්ගේ ,ධිවර නිලධාරින් වන ජේ.ඒ.ජේ.එන්.ජයසුරිය, ඒ එම්.එස්.දිල්රුක් සහ එම්.එම්.රිස්වි යන නිලධාරිහු  මෙම වැටලිම සිදු කළ හ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *