කාර්ය මණ්ඩලය සිර කර තබා ගත් කම්කරුවෝ අත්අඩංගුවට

සංචරණ සිමා නිතී උල්ලංඝනය කරමින් හැටන් වටවල වැලිඔය වතුයායේ වතු කාර්ය මණ්ඩලය අයුතු ලෙස කාර්යාලය තුළ පැය කිහිපයක් සිරකර තැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතුයායේ වතු කම්කරුවන් 12 දෙනෙකු (18) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිස් ස්ථානාධිපති විරාජ් විතානගේ මහතා පවසයි.

කොවිඩ් -19 අසාදිතයින් ගණනාවක් එම වතුයායෙන් හමුවිම නිසා සෞඛ්‍ය අංශ මගින්  සම්පුර්ණයෙන්ම හුදකලා කළ වතුයාය යළි විවෘත කර ඇත්තේ පසුගිය 15 දිනය.

එදින එම වතුයායේ කම්කරුවන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වතු කාර්යාලය වටලා එහි කාර්ය මණ්ඩලය පැය කිහිපයක් අයුතු ලෙස කාර්යාලයේ  සිරකර තබාගෙන  ඇත.ඒ සම්බන්ධයෙන් වතුපාලන අධිකාරිය විසින් කරන ලද පැමිණිල්ලක් මත සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගත් බවත්  තවත් සැකකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනිමට නියමිත බවත් වටවල පොලීසිය පවසයි.

අයුතු ජන රාශ්‍රිය,අයුතු ලෙස කාර්යාලයට ඇතුළුවීම,අයුතු සිරගත කර තැබීම,හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සංචරණ සීමා නිතිය සම්බන්ධයෙන් පනවා ඇති නියෝගය උල්ලංඝනය කිරිම යන චෝදනා යටතේ පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මෙණවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් සැකකරුවෙකුට රුපියල් පන්දහස බැගින්වූ  මුදල් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරිර ඇප මත ඔවුන් මුදාහැර ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.