කාබනික වැඩේ කෑවේ උපදේශකයෝ

සෞභාග්‍යයේ දැක්මට අනුව කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීමට යම් නිශ්චිත කාලසීමාවක් ප්‍රකාශකර තිබුණද උපදේශකයින් යැයි කියා ගන්නා ඇතැම් පුද්ගලයින්ගේ අනිසි ඉක්මන් කිරීම් හමුවේ එම වැඩ පිළිවෙළ අර්බුදකාරී තත්ත්වයකට පත් වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උජිත් කේ. ජයසිංහ මහතා පවසයි.                                                                                                            

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගන්නෝරුව පැළෑටි ජාන මධ්‍යස්ථානයේ අද (21)  දින පැවැති වැඩ සටහනකින් පසු ඒ මහතා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.                                                                           

නිසි ක්‍රමවේදයට අනුව නියමිත කාල සීමාවකින් ක්‍රියාත්මක කිරීමට තිබූ මෙම වැඩසටහනට අනවශ්‍ය ආකාරයෙන් මැදිහත්ව කටයුතු කළ උපදේශකයින් කිසිවෙකු හෝ මේ වන විට සොයා ගැනීමට පවා නොහැකි බවද ජයසිංහ මහතා කීය.

වකුගඩු රෝගය ඉස්මතු කරමින් ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ නිසා අවසානයේ ආමාශය රෝගී කර ගැනීමට සිදුවූ බවත් විද්‍යාවට පෙර කළමනාකරණය සිදුවූයේ නම් වකුගඩු මෙන්ම ආමාශයද රැකගෙන ගැටලු අවම කර ගනිමින් මෙම ගමන යාමට හැකිව  තිබූ බවත් හෙතෙම සඳහන් කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.