කාන්තා ක්‍රිකට් ජාතික සංචිතයට නැගෙනහිරෙන් මැණික් දෙකක්

 කාන්තා ක්‍රිකට් ජාතික සංචිතයට නැගෙනහිරෙන් මැණික් දෙකක්

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වයස අවුරුදු 19 න් පහළ ජාතික සංචිතය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පාසල් දෙකක දැරියන් දෙදෙනෙකු තුන් ඉරියව් දක්ෂතා දක්වමින් තේරිපත්ව ඇතැයි නැගෙනහිර පළාත් ක්‍රිකට් පුහුණුකරු නිලන්ත විමලවීර මහතා පැවැසීය.

ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසලේ නමවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන විමෝක්ෂා උපමාදි බාලසුරිය හා කන්තලේ රජඇල විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මිතාලි අයෝධ්‍යා බණ්ඩාර යන දැරියන් දෙදෙනා මෙසේ තේරීපත්ව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මෙම වසරේ දී පැවැත්වු වයස 23 න් පහළ කාන්තා ක්‍රිකට් අන්තර් දිස්ත්‍රික් තරඟාවලියේ තරඟ පහෙන් තරඟ තුනක් ජයග්‍රහණය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කණ්ඩායම තරඟාවලියේ ඉදිරියට ගෙනයාමට මෙම දැරියන්ගේ දක්ෂතා ඉවහල් වී ඇත.

ඒම තරගාවලියේ දී විමෝක්ෂා උපමාදි බාලසුරිය තුන් ඉරියව් දක්ෂතා දක්වමින් දිවයිනේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවන ස්ථානයට පත්වුවාය. වේග පන්දු යවන්නියක ලෙස මිතාලි අයෝධ්‍යා බණ්ඩාර කඩුලු හතක් දවා ගනිමින් තරගාවලිය තුල සිය දක්ෂතා පෙන්වු බවත් ඒ් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම දැරියන් වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් ජාතික සංචිතය සඳහා තෝරාගෙන ඇති බව නැගෙනහිර පලාත් පුහුණුකරු නිලන්ත විමලවීර මහතා පැවැසීය.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සුදත් ගලප්පත්ති, රජඇළ විද්‍යාලයේ විදුහල්පති තුෂාර සම්පත් විජේකුමාර යන මහත්වරුන් දැක්වු සහයෝගය මෙන්ම පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් වන ඩබ්ලියු. ඒන්. සී. වික්‍රමසිංහ හා තරිඳු දිසානායක, දිස්ත්‍රික් පුහුණුකරු ප්‍රගීත් චානක යන මහත්වරුන්ගේ කැපවිම අගය කලයුතු බවද නිලන්ත විමලවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *